හරි විදිහට රුලං ටොෆී හදමු

රුලං එසේත් නොමැතිනම් semolina ටොෆි කියන්නේ ඉතාමත් රසවත් ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා යොදාගන්න පුළුවන් ශ්‍රී ලාංකික කෑමක්. නියමාකාරයෙන් රුලන් ටොෆි සාදා ගැනීම සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රුලං 180 g
  • සීනි 220 g
  • ගාගත් පොල් 70 g
  • කජු
  • කරදමුංගු කරල් 03 - 04
  • උණු වතුර කෝප්ප ¼

සාදන ආකාරය:

  • කරදමුංගු කුඩු කර පසෙකින් තබාගන්න.
  • සෝස් පෑන් එකකට දමා ගාගත් පොල් මිනිත්තු 02 - 03 වියළා ගන්න. එසේ කිරීමෙන් පොල් වල ඇති ජලවාෂ්ප ඉවත්වී ඔබට රුලං ටොෆී දවස් කිහිපයක් තබා ගැනීමට හැකියාව තිබෙනවා.
  • කජු ටික ද බැදගන්න.
  • මධ්‍යම ප්‍රමාණයේ උෂ්ණත්වයේ මිනිත්තු 10 පමණ රුලන් ටික අමු ගතිය යනකන් බැදගන්න. ලිපෙන් ඉවතට ගෙන එය නිවෙන්නට හරින්න.
  • තාච්චියකට සීනි ටිකක් දමා රත් කරන්න .
  • බුබුළු දමමින් සීනි නටන විට එයට උණු වතුර එකතු කරන්න.
  • ඉතිරි සීනි ටිකද එකතු කරන්න. සීනි දියවන තුරු හොඳින් රත් කර ගන්න.
  • සීනි වල නියම පදම ආවා දැයි බැලීමට සීනි ටිකක් හැන්දකට ගෙන ඉහළ සිට පහළට වක්කරන්න. එය නොකැඩී නූලක් සේ ඇද හැලෙනවා නම් නියම පදම පැමිණි තිබෙනවා.
  • කරද මුංගු සහ කජු එකතු කරන්න.
  • පොල් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • ඉන්පසු මෙයට රුලං එකතු කරන්න.
  • සියලුම ද්‍රව්‍යයන් හොඳින් මිශ්‍ර වුවාට පසු මෙය බන්දේසියකට දමා ගන්න.
  • නිවෙන්නට හැර කැමති හැඩයකට රුලං කපාගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to