හැමදාම බත් කාලා ඇති වෙලාද? එහෙනම් මෙන්න නියම කෑමක්

එක දිගටම බත් කාලා ඇති වෙලා ඉන්න අයට වෙනසකටත් එක්ක කන්න පෝෂණ ගුණයෙන් පිරි කෑමක් තමයි මේ රුලං බත්. මේ රුලං බත් එක ඉන්දියාවෙනම් හරිම ප්‍රසිද්ධයි. එයාලා මේකට උප්මා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම ඔයා නිර්මාංශ කෙනෙක් නම් සමබර පෝෂණයක් ලබා ගන්න මේ රුලං බත් එක ගොඩක් උදව් වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රුලං - 250g
  • ගෝවා කොළ - 02
  • පොඩි කැරට් - 01
  • කරපිංචා
  • වියළි මිරිස් - 02
  • අමු මිරිස් - 01
  • පරිප්පු - මේස හැඳි 01
  • ලොකු ළුණු - 1/2
  • අබ ඇට - තේ හැඳි 1/4
  • ලුනු - තේ හැඳි 01
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • වතුර - 500ml
  • පොල් තෙල්
  • තක්කාලි - 01
  • සුදු ළුණු - බික් 04
  • ඉගුරු - අගලක කෑල්ලක්
  • කජු - අනිවාර්ය නැත

සාදන ක්‍රමය:

  • මුලින්ම රුලං ටික පොඩ්ඩක් වෙලා බැද ගන්න. රුලං ටික පාට වෙනස් වෙනකන් ගොඩාක් වෙලා බදින්න ඕනේ නෑ. රුලං සුවද එනකන් යන්තමට බැදුනහම ඇති.
  • බැදගත්ත රුලං ටික පැත්තකින් තියලා පෑන් එකක තෙල් ටිකක් රත් කර ගන්න. මේ තෙල් ටික හොඳට රත් උනහම ඒකට අබ ඇට ටික දා ගන්න.
  • අබ පුපුරනකොට පරිප්පුයි, සුදු ළුනුයි, තලා ගත්ත ඉගුරුයි දා ගන්න.
  • දැන් කරපින්චයි, වේලිච්ච මිරිස් කෑලි ටිකකුයි දා ගන්න.
  • ඊළගට ලුනුයි, ළුනුයි, ගම්මිරිස් කුඩුයි, කහ කුඩුයි, අමු මිරිස් ටිකයි දාලා කලවම් කර ගන්න ඕනේ. ඊළගට තක්කාලි ටිකත් එකතු කර ගන්න.
  • කපා ගත්ත එළවළු ටික මේ මිශ්‍රණයට දාලා හොඳට කලවම් කර ගන්න. එළවළු ටික ටිකක් තැම්බෙනකන් මද ගින්දරේ පෑන් එක වහලා තියන්න.
  • එළවළු ටික ටිකක් තැම්බුනහම අපි මේකට වතුර දා ගන්න ඕනේ. දැන් ලිපේ ගින්දර වැඩි කරලා වතුර ටික රත් වෙනකන් වහලා තියන්න.
  • වතුර ටික හොඳට රත් උනහම බැදගත්ත රුලං ටික වටේට ඉහ ඉහ ඉක්මනට කලවම් කරන්න. ඔක්කොම රුලං ටික එක පාර දාගන්න එපා. එතකොට රුලං ටික එලවලුත් එක්ක කලවම් වෙන්නේ නැතුව එකට ගුලි වෙලා යයි.
  • දැන් ලිප නිමලා විනාඩි 02 - 03ක් විතර පෑන් එක වහලා තියන්න. මේ විදිහට වහලා තිබ්බහම රුලං ටික හොඳට තැම්බිලා ටිකක් ගුලි වෙනවා. ඒක හින්දා ටික වෙලාවකින් භාජනය ඇරලා මේ ගුලි උන රුලං ටික කඩා ගන්න ඕනේ.
  • අපි අද ගත්ත මේ ප්‍රමාණ වලින් ලොකු අය තුන් දෙනෙක්ට ඇති වෙන්න කන්න රුලං බත් එකක් හදා ගන්න පුළුවන්.
  • මේ බත් එක හදිස්සියට ඕනෙම වෙලාවක හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බත් එක හරිම රස හින්දා පොඩි අයත් මේකට හරිම කැමතියි. අනිත් දේ තමයි වෙන මුකුත් නැතුව තනිකරම උනත් මේ බත් එක කන්න පුළුවන්. ඒ හින්දා මේ විදිහේ රුලං බතක් හදා ගත්තොත් කාලෙත් ඉතුරුයි. වියදමත් අඩුයි.
Closeup view of Semolina Rice
Semolina Rice / Upma
Semolina Rice / Upma
Semolina Rice / Upma
Semolina Rice / Upma

Contact DailyLife.lk

or drop an E-Mail to