විනාඩි 15න් රුලං පුඩිං

රුලං පුඩිං කියන්නේ ඉතාමත් රසවත් පහසුවෙන් සාදා ගත හැකි අතුරුපසක්. මෙය ලොකු කුඩා කාටත් හොඳට ගැලපෙනවා. උණු උණුවෙම හෝ එසේත් නොමැතිනම් cool කරලත් කන්න පුළුවන්. වඩා රසවත් වෙන්නේ උණු උණුවේ කනකොට.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රුලං 150 g
  • වියළි මිදි 50 g
  • කිරි කෝප්ප 01 (08 oz)
  • සීනි 70 g
  • බටර් 50 g
  • කරදමුංගු කුඩු තේ හැඳි ½
  • වැනිලා තේ හැදි 01

සාදන ආකාරය:

  • සෝස් පෑන් එකකට බටර් දමා එය දිය වුවාට පසු එයට කරද මුංගු සහ වියළි මිදි එකතු කරන්න.
  • මිනිත්තු 01 - 02 පසු වියළි මිදි වල ප්‍රමාණය විශාල වෙනවා.
  • ඉන්පසු රුලන් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • නොනවත්වා හැඳි ගාමින් මිනිත්තු දහයක් පමණ පිසගන්න.
  • ඉන් පසු කිරි, සීනි සහ වැනිලා එකතු කරමින් හොඳින් මිශ්‍ර කරගන්න. රුලං වලට ඉතා ඉක්මනින් කිරිටික උරාගන්නවා. එම නිසා ඔබ ඉතා ඉක්මනින් මෙය මිශ්‍ර කරගත යුතු වෙනවා.
  • මිනිත්තු කිහිපයකට පසු මෙම මිශ්‍රණය ඝන මිශ්‍රණයක් බවට පත්වෙනවා.
  • ඉන්පසු ලිප නිවා දමා මෙම මිශ්‍රණය පුඩින් මෝල්ඩ් එකකට දමා ගන්න.
  • මිශ්‍රනය පුඩින් මෝල්ඩ් එකට දැමීමට පෙර එහි බටර් තවරා ගැනීමෙන් පුඩින් එක ගලවා ගැනීම පහසු වෙනවා.
  • මිශ්‍රනය දැමූ පසු මෝල්ඩ් එක හොදින් වසාගන්න .
  • පුඩින් එක ගැලවීම සඳහා පිහියක් ආධාරයෙන් මෝල්ඩ් එක වටේ බුරුල් කරගන්න.
  • නිවෙන්නට හැර මෝල්ඩ් එකෙන් ඉවත් කරගන්න.
  • මේ පුඩින් එකේ නියම රසය තියෙන්නේ ටිකක් රස්නේ පිටින් කනකොට තමයි.
Semolina/Rulang Pudding
Top view of Semolina/Rulang Pudding
Closeup view of Semolina/Rulang Pudding
Semolina/Rulang Pudding

Contact DailyLife.lk

or drop an E-Mail to