පහසුවෙන් රුලං කේක් හදමු...

රුලං කේක් එහෙමත් නැත්නම් රාවා කේක් ඕනෙම කෙනෙක්ට හරිම පහසුවෙන් ගෙදරදීම හදාගන්න පුළුවන් කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය : කේක් එක සදහා

  • පාන් පිටි - 80g
  • බිත්තර - 04
  • ලුනු ටිකක්
  • වැනිලා - තේ හැඳි 1/2
  • සීනි - 100g
  • රුලං - 300g
  • බේකින් පවුඩර් - තේ හැඳි 02
  • තෙල් - 100ml
  • කිරි - 60ml

අවශ්‍ය ද්‍රව්‍ය : සීනි පැණි සදහා

  • සීනි - 125g
  • වතුර - 350ml
  • දෙහි බින්දු කීපයක්

සාදන ක්‍රමය:

  • බිත්තර, සීනි, ලුනු, වැනිලා එකට දාලා කලවම් කරන්න.මේ ටික හොඳට කලවම් වෙනකන් විනාඩි 07ක් 08ක් විතර බීට් කරන්න.
  • රුලං ටිකට බේකින් පවුඩර් ටිකයි පිටි ටිකයි දාලා කලවම් කරන්න.
  • මේ රුලං ටික බීට් කර ගත්ත බිත්තර එකට දාගන්න.
  • මේකටම තෙල් ටිකයි, කිරි ටිකයිත් දාලා හොඳට බීට් කරන්න.
  • දැන් මේ බැටර් එක බේකින් පෑන් එකකට දාලා විනාඩි 30ක් 40ක් විතර 180°C ක උෂ්ණත්වයක බේක් කර ගන්න.
  • සීනි පැණි සාදා ගැනීමට සීනි ටිකයි වතුර ටිකයි එකට දාලා සීනි ටික වතුරේ දිය වෙනකන් උණු කරන්න.
  • සීනි ටික දිය උනාට පස්සේ මේකට දෙහි බින්දු කීපයක් දාගන්න. දෙහි දාගත්තහම පැණි ටික ඉක්මනින් ඝනකම් වෙන්නේ නෑ. අනිත් දේ තමයි පැණි ටික නූල් ඇදෙන ගානට එනකන්ම උණු වෙන්න ඕනේ නෑ. සීනි ටික දිය වෙන ගානට උණු උනහම ඇති.
  • කේක් එක බේක් වෙලා ඉවර උනාට පස්සේ සීනි පැණි ටික මේ කේක් එක උඩින් හැම තැනටම දාගන්න. එතකොට කේක් එකට මේ පැණි ටික හොඳට උරාගෙන කේක් එක හොඳ තෙත ගතියට එනවා.
  • පැණි ටික ඔක්කොම කේක් එකට හොඳට උරාගත්තට පස්සේ කේක් එක බේකින් ට්‍රේ එකෙන් අයින් කරලා කෑලි වලට කපා ගන්න.
Semolina Cake / Rava Cake / Suji Cake
Semolina Cake / Rava Cake / Suji Cake
Semolina Cake / Rava Cake / Suji Cake

Contact DailyLife.lk

or drop an E-Mail to