ඉක්මනින් පහසුවෙන් සොසේජ් ෆ්‍රයිඩ් රයිස්

අපි අද හදන්නේ ඕනේ කෙනෙක්ට හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් සොසේජ් ෆ්‍රයිඩ් රයිස් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සොසේජස් - 100g
  • බිත්තර - 03
  • ලීක්ස් - 150g
  • බී ළුණු - 01
  • මාගරින් - මේස හැඳි 03
  • ඉඟුරු - අගල් 01ක කෑල්ලක්
  • සුදු ළුණු බික් - 04-05
  • ගම්ම්රිස් කුඩු - තේ හැඳි 02
  • කරදමුංගු - 04
  • කරාබු නැටි - 04
  • කුරුදු පොතු කෑල්ලක්
  • රම්පේ
  • කරපිංචා
  • අමු මිරිස් - 02
  • ලුනු - තේ හැඳි 02
  • කෑලි මිරිස් - තේ හැඳි 1/2
  • කීරි සම්බා හාල් - 450g

සාදන ක්‍රමය:

  • මුලින්ම සොසේජ් ටික පොඩි කෑලි වලට කපා ගන්න.
  • එළවළු ටිකත් හීනියට කපා ගන්න.
  • බිත්තර වලට ලුනු කුඩුයි ගම්මිරිස් කුඩුයි දාලා හොඳට කලවම් කරන්න.
  • මේ ටික පෑන් එකකට දාලා පොඩි කෑලි වගේ වෙනකන් අඩු ගින්දරේ දිගටම කලවම් කරන්න.
  • බිත්තර ටික ස්ක්‍රම්බල් (scramble) උනාට පස්සේ ලිප ඕෆ් කරලා පැත්තකින් තියා ගන්න.
  • මාගරින් ටික පෑන් එකකට දාලා ටිකක් වෙලා රත් කර ගන්න.
  • ඉඟුරු සුදු ළුණු එකට අඹරලා පේස්ට් එකක් හදා ගෙන මාගරින් එකට දා ගන්න.
  • කරදමුංගු, කරාබු නැටි, කුරුදු පොතු ටිකත් ටිකක් අඹරා ගෙන මේකටම දා ගන්න.
  • අමු මිරිස්, ළුණු, රම්පේ, කරපිංචා දා ගන්න.
  • ලුනු කුඩුයි, කෑලි මිරිසුයි, ගම්මිරිස් කුඩු ටිකයි දා ගන්න.
  • ඊළගට සොසේජ් ටික දාලා විනාඩි 02-03 උයා ගන්න.
  • කපා ගත්ත ලීක්ස් ටික එකතු කර ගන්න. ලීක්ස් වෙනුවට ළුණු කොළ එකතු කර ගන්නත් පුළුවන්.
  • ලීක්ස් ටික කලවම් කර ගත්තාට පස්සේ රස පදමට ලුනු හා ගම්මිරිස් තියනවාද කියලා බලන්න.
  • දැන් ස්ක්‍රම්බල් කර ගත්ත බිත්තර ටික දා ගන්න.
  • අන්තිමට උයා ගත්ත බත් ටික දාලා මිශ්රණයත් එක්ක හොඳට කලවම් කරන්න. මේකට බත් උයද්දී බෙරි වෙන්න බත් උයන්න එපා. බත් ඇට ඇලෙන්නේ නැතුව වෙන් වෙලා හිටින්න ඕනේ. ඒකට ඔයාලා බත් උයද්දී මාගරින් ටිකක් හරි ගී ටිකක් හරි එකතු කර ගන්න. මේකට දවසක් පරණ බත් ගන්න පුළුවන් නම් වැඩිය හොඳයි.
  • මේ සොසේජ් ෆ්‍රයිඩ් රයිස් එක වෙන කිසිම ව්‍යංජනයක් නැතුව උනත් රස විදින්න පුළුවන්.
Fried Rice in a Pan
Sausage Fried Rice
Top view of Sausage Fried Rice
Side view of Sausage Fried Rice
Sausage Fried Rice

Contact DailyLife.lk

or drop an E-Mail to