පොඩ්ඩෝ කැමති සොසේජ් බන්

මේ රසම රස සොසේජ් බන් එක උදේ කෑමකට, පික්නික් එකක් ගෙනියන්න වගේම ටී ටයිම් එකටත් නියමෙට ගැලපෙනවා. ඒ වගේම තමයි මේ සොසේජ් බන් එකට පොඩ්ඩෝ හරිම කැමතියි. ඉතින් අපි එයාලට ගෙදරම හදපු උණු උණු සොසේජ් බන් ටිකක් දෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි - 500g
  • මද රස්නේ කිරි - 200ml
  • ලුනු - තේ හැඳි 02
  • සීනි - තේ හැඳි 02
  • යීස්ට් - තේ හැඳි 03
  • මධ්‍යම ප්‍රමාණයේ බිත්තර - 02
  • මාගරින් - 50g
  • සොසේජස් - 20

සාදන ක්‍රමය:

  • මුලින්ම මද රස්නේ කිරි ටික අරගෙන ඒකට යීස්ට් ටිකයි, සීනි ටිකයි ඉහ ගන්න. දැන් මේක කලවම් කරලා විනාඩි 6ක් 7ක් විතර යීස්ට් ටික පිපෙන්න වහලා තියන්න.
  • පොඩි බෝල් එකකට බිත්තර දාලා හැන්දකින් ටිකක් කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
  • යීස්ට් ටික හොඳට පිපුනාට පස්සේ ඒ ටික පිටි එකට දා ගන්න. මේකටම දිය කර ගත්ත මාගරිනුයි, ලුනු කුඩුයි දාලා කලවම් කරන්න.
  • දැන් මේකට බිත්තර දා ගන්න. බිත්තර වලින් මේස හැන්දක විතර ප්‍රමාණයක් ඉතුරු කර ගන්න. සොසේජ් බන් හදලා ඉවර උනාට පස්සේ බන් ටික උඩින් ගා ගන්න මේ ටික ඕනේ වෙනවා.
  • දැන් මේ පිටි ගුලිය හොඳට අතින් අනා ගන්න. පැතලි බෝඩ් එකක් උඩට මේ පිටි ටික දාගෙන අතේ පිටි ගගා නීඩ් කරන්න. එතකොට පිටි එක අතේ ඇලෙන්නේ නෑ. මේ පිටි ටික හොඳට සිනිදු බෝලයක් වගේ වෙනකන් නීඩ් කර ගන්න ඕනේ.
  • ඊළගට මේ පිටි ගුලිය සමාන කොටස් 20කට කපලා ඒ කෑලි වලින් පොඩි බෝල හදා ගන්න. ඔක්කොම බෝල ටික හදා ගත්තාට පස්සේ ඒ ටික තවත් විනාඩි 20ක් 30ක් විතර පිපෙන්න තියන්න.
  • දැන් එක බෝලයක් අරගෙන බෝඩ් එකක් උඩ තියලා ටිකක් පැතලි කර ගන්න. ඊළගට මේක දිගට හිටින්න රෝල් කරන්න. ඔයාලාගේ සොසේජ් එක කවර් කර ගන්න පුළුවන් වෙනකන් මේක දික් කර ගන්න.
  • ඊළගට සොසේජ් එකේ එක කොනකින් පටන් අරගෙන සොසේජ් එක මැද්දට හිටින්න හදා ගත්ත පිටි රෝලෙන් කවර් කරන්න. බන් එකේ මුල්ම තැනයි අන්තිම තැනයි දිග ඇරෙන්නේ නැති වෙන්න අස්සට ගහලා හොඳට සීල් කරන්න.
  • ඔයාලා සොසේජ් එක ඔතනකොට මුළු සොසේජ් එකම වහන්න එපා. දෙපැත්තෙන් සොසේජ් එක පොඩ්ඩක් එලියට හිටින්න ඔතා ගන්න. ඒ වගේම තමයි මේ සොසේජ් ටික ඔතන්න කලින් ඔයාලා මේ ටික හොඳට සෝදලා තෙත හින්දලා අර ගන්න.
  • ඔක්කොම බන් ටික හදා ගත්තාට පස්සේ මේ ටික ආයෙත් විනාඩි 15ක් 20ක් විතර තියලා තියන්න. මේ කාලේ ඇතුලතදී මේ බන් එක හොඳට පිපිලා එනවා.
  • අවන් එකට දාන්න කලින් අපි මේ බන් ටික උඩ බිත්තර තවරා ගන්න ඕනේ. කලින් අයින් කර ගත්ත බිත්තර බ්‍රෂ් එකකින් හැම බන් එකක් උඩම ගාගන්න.
  • දැන් මේ බන් ටික 200C කට ප්‍රී හීට් කරපු අවන් එකේ විනාඩි 15ක් විතර බන් ටිකේ උඩ රන්වන් පාට වෙනකන් බේක් කර ගන්න.
  • උණු උණුවෙන්ම ගෙදර හදපු මේ සොසේජ් බන් ටිකට ඔයාලාගේ පොඩි අය නම් හරිම කැමති වෙයි.
Sausage Buns
Sausage Buns
Sausage Buns
Sausage Buns
Sausage Buns
Sausage Buns
Sausage Buns

Contact DailyLife.lk

or drop an E-Mail to