රස්නේ කාලෙට නියම බීම - සවු කැඳ

සවු කැඳ ගොඩක් රටවල් වල හරිම ජනප්‍රිය දෙයක්. එක එක රටවල් වල මේක හදන විදිහ වෙනස්. මේ තියෙන්නේ ලංකාවේ අපි සවු කැඳ හදන එක විදිහක්. රස්නේ දවස් වලට අපේ ඇග ඇතුලෙන්ම සිසිල් කරන්න නියම බීමක් තමයි සවු කැඳ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සවු හාල් - 70g
  • සීනි - 200g
  • උකු පොල් කිරි - කෝප්ප 02
  • ලුනු - තේ හැඳි 1/2
  • කුඩු කරගත්ත කරදමුංගු - 04
  • වතුර - කෝප්ප 02
  • කජු සහ වියළි මිදි

සාදන ක්‍රමය:

  • සවු හාල් ටික සෝදලා වතුර පෙරෙන්න පැත්තකින් තියා ගන්න.
  • ඊළගට භාජනයක වතුර ටිකක් රත් කරලා ඒකට ලුනු ටික එකතු කර ගන්න. දැන් මේ වතුර එකට සෝදා ගත්ත සවු ටික දාන්න. සවු ටික දාපු වෙලේ ඉදන් මද ගින්දරේ දිගටම හැඳි ගාන්න. නැත්නම් මේ සවු ටික එකට ඇලිලා ගුලි වෙනවා. අනිත් දේ තමයි මේ සවු කැඳ හදද්දී සවු ගොඩක් දා ගන්න ඕනේ නෑ. සවු ටික තැම්බිලා එද්දී ගොඩක් වෙනවා.
  • සවු ටික හොඳට තැම්බෙනකන් දිගටම හැඳි ගාන්න. සවු ටික හොඳට තැම්බුනහම සවු ඇට වල තියන සුදු පාට ගතිය නැති වෙලා ගිහින් සවු ඇට ටික වීදුරු බෝල වගේ වෙනවා. සවු ටික හොඳට තැම්බුනහම පොල් කිරි ටික දාන්න.
  • දැන් මේකට සීනි ටික දා ගන්න. ඔයාලා කැමති නම් සීනි වෙනුවට හකුරු දා ගන්නත් පුළුවන්. එතකොට කැඳ එක දුඹුරු පාට වෙලා එනවා. ඒ වගේම තමයි මෙතැනදී සීනි දාන්නේ නැතුව ඔයාලාට ඕනේ නම් සවු කැඳ එක හදලා ඉවර උනාට පස්සේ එක එක්කෙනාගේ රස පදමට සීනි කලවම් කර ගන්න පුළුවන්.
  • සීනි ටික දිය උනහම කොටා ගත්ත කරදමුංගු කුඩු ටික දා ගන්න.
  • ඊළගට පොඩියට කපා ගත්ත කජු ටිකයි කරදමුංගු කුඩු ටිකයි එකතු කරන්න.
  • දැන් මේ කැඳ එක ගොඩක් උකු වෙන්න දෙන්නේ නැතුව ටිකක් බොන්න පුළුවන් මට්ටමට දියාරු ගතිය තියෙද්දී ලිපෙන් බා ගන්න.
  • මේ හදා ගත්ත කැඳ එක ලොකු අය හතර දෙනෙක්ට විතර බොන්න හොඳටම ඇති. මේ කැඳ ටික රස්නේ තියෙද්දීම බොන්න ඕනේ. නැත්නම් නිමෙනකොට කැඳ ටික උකු වෙලා යනවා.
Sago Porridge
Sago Porridge
Sago Porridge
Sago Porridge
Sago Porridge
Sago Porridge

Contact DailyLife.lk

or drop an E-Mail to