සවු ජෙලි පුඩින්

මීට පස්සේ ඔයාලා නිකන්ම ජෙලි හදන්නේ නැතුව ඒකට සවු ටිකකුයි, කිරි ටිකකුයි එකතු කරන්න. ඔයාලාට මේ ටිකෙන් රසම රස පුඩින් එකක් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උණු වතුර - කෝප්ප 2
  • සවු - 60g
  • ස්ට්‍රෝබෙරි ජෙලි - 50g
  • අඹ ජෙලි - 50g
  • නැවුම් කිරි - 500ml
  • සීනි - 100g
  • ජෙලටින් - මේස හැඳි 1
  • මද රස්නේ උණු වතුර - මේස හැඳි 2
  • සාදන ක්‍රමය:

    • මුලින්ම ජෙලි ටික උණු වතුරත් එක්ක කලවම් කරලා ජෙලි ටික හදා ගන්න. මේ ජෙලි ටික හොඳට සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.
    • ඊළගට භාජනයක වතුර ටිකක් රත් කරලා ඒකට සෝදා ගත්ත සවු ටික දා ගන්න. මේ සවු ඇට ටික වීදුරු බෝල වගේ වෙනකන් තම්බා ගන්න.
    • තම්බා ගත්ත සවු ටික දෙතුන් පාරක් ඇල් වතුරෙන් සෝදලා අරගෙන පැත්තකින් තියලා තියන්න.
    • වෙනමම පොඩි බෝල් එකක ජෙලටින් ටික දිය කර ගන්න.
    • කිරි ටිකයි සීනි ටිකයි භාජනයකට දාලා ඒ ටික මද ගින්දරේ උණු කරන්න. මේ ටික උණු උනාට පස්සේ භාජනය ලිපෙන් එලියට අරගෙන හදා ගත්ත ජෙලටින් ටික දාලා කලවම් කරන්න. දැන් මේක හොඳටම නිමෙනකන් පැත්තකින් තියලා තියන්න.
    • කිරි ටික හොඳට නිමුනාට පස්සේ තම්බා ගත්ත සවු ටික දාලා කලවම් කරන්න.
    • දැන් හදා ගත්ත ජෙලි ටික පොඩි කෑලි වලට කපා ගෙන ඔයාලා පුඩින් එක හදන භාජනයේ යටටම දා ගන්න.
    • දැන් මේ ජෙලි උඩින් හදා ගත්ත කිරි මිශ්‍රණය දා ගන්න.
    • ඊළගට මේ පුඩින් එක හොඳටම සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.
    Sago Jelly Pudding
    Sago Jelly Pudding
    Sago Jelly Pudding
    Sago Jelly Pudding
    Sago Jelly Pudding
    Sago Jelly Pudding

    Contact DailyLife.lk

    or drop an E-Mail to