සවු ජෙලි පුඩින්
මීට පස්සේ ඔයාලා නිකන්ම ජෙලි හදන්නේ නැතුව ඒකට සවු ටිකකුයි, කිරි ටිකකුයි එකතු කරන්න. ඔයාලාට මේ ටිකෙන් රසම රස පුඩින් එකක් හදා ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන ක්‍රමය:
- මුලින්ම ජෙලි ටික උණු වතුරත් එක්ක කලවම් කරලා ජෙලි ටික හදා ගන්න. මේ ජෙලි ටික හොඳට සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.
- ඊළගට භාජනයක වතුර ටිකක් රත් කරලා ඒකට සෝදා ගත්ත සවු ටික දා ගන්න. මේ සවු ඇට ටික වීදුරු බෝල වගේ වෙනකන් තම්බා ගන්න.
- තම්බා ගත්ත සවු ටික දෙතුන් පාරක් ඇල් වතුරෙන් සෝදලා අරගෙන පැත්තකින් තියලා තියන්න.
- වෙනමම පොඩි බෝල් එකක ජෙලටින් ටික දිය කර ගන්න.
- කිරි ටිකයි සීනි ටිකයි භාජනයකට දාලා ඒ ටික මද ගින්දරේ උණු කරන්න. මේ ටික උණු උනාට පස්සේ භාජනය ලිපෙන් එලියට අරගෙන හදා ගත්ත ජෙලටින් ටික දාලා කලවම් කරන්න. දැන් මේක හොඳටම නිමෙනකන් පැත්තකින් තියලා තියන්න.
- කිරි ටික හොඳට නිමුනාට පස්සේ තම්බා ගත්ත සවු ටික දාලා කලවම් කරන්න.
- දැන් හදා ගත්ත ජෙලි ටික පොඩි කෑලි වලට කපා ගෙන ඔයාලා පුඩින් එක හදන භාජනයේ යටටම දා ගන්න.
- දැන් මේ ජෙලි උඩින් හදා ගත්ත කිරි මිශ්‍රණය දා ගන්න.
- ඊළගට මේ පුඩින් එක හොඳටම සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.