තක්කලියි චීසුයි දාලා රසම රස සැන්විච් එකක් හදමු

ඔයාලගේ ගෙදරත් මේ දවස් වල තක්කාලි ටිකකුයි චීස් ටිකකුයි තියනවනම් එහෙම උදේකට රෑකට ඕනෙම වෙලාවක ඉක්මනින් හදා ගන්න පුළුවන් රසම රස සැන්විච් එකක් තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පොඩි තක්කාලි - 250g
  • පොඩි කර ගත්ත සුදු ළුණු - බික් 03
  • ඔලිව් තෙල් - මේස හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • ග්‍රේට් කර ගත්ත චෙඩර් චීස් - 150g
  • බටර්
  • පාන් පෙති - 08

සාදන ක්‍රමය:

  • මුලින්ම මේ සැන්විච් එකට ඕනේ තක්කාලි ටික දෙකට කපා ගන්න.
  • දැන් මේ තක්කාලි එකට තලා ගත්ත සුදු ළුණුයි, ගම්මිරිස් කුඩුයි, ලුනුයි, ඔලිව් තෙල් ටිකයි දාලා කලවම් කරන්න.
  • ඊළගට මේ තක්කාලි ටික රෝස්ට් වෙනකන් 190C ක උෂ්ණත්වයක විනාඩි 25ක් 30ක් විතර බේක් කර ගන්න ඕනේ.
  • දැන් පාන් පෙත්තක් අරගෙන ඒකෙ එක පැත්තක බටර් ගාලා බටර් ගාපු පැත්ත යටට හිටින්න තියන්න.
  • ඊළගට මේ පාන් පෙත්ත උඩින් ග්‍රේට් කර ගත්ත චීස් ටිකකුයි තක්කාලි ටිකකුයි තියා ගන්න.
  • දැන් අනිත් පාන් පෙත්තේ බටර් ගාලා බටර් ගාපු පැත්ත උඩට හිටින්න තක්කාලි ටික උඩින් තියා ගන්න.
  • දැන් මේ සැන්විච් එක පාන් එකක් උඩ තියලා දෙපැත්ත දදා විනාඩි 3-4 විතර පාන් දෙපැත්ත රන්වන් පාට වෙනකන් රත් කර ගන්න.
  • මේ දවස් වල ඉතින් ගෙදරටම වෙලා ඉන්න එකේ පොඩි වෙනසකටත් එක්ක මේ සැන්විච් එක හදලා බලන්න.
Roasted Tomato Grilled Cheese Sandwich
Roasted Tomato Grilled Cheese Sandwich

Contact DailyLife.lk

or drop an E-Mail to