රෙඩ් වෙල්වට් කුකීස්

ඔයාලාගේ කුකීස් එකතුවට තවත් හරිම ලේසි කුකී එකක් මෙන්න. රෙඩ් වෙල්වට් කුකීස් !

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි - 210g
  • බේකින් පව්ඩර් - තේ හැඳි 1 1/2
  • ලුනු - තේ හැඳි 1/2
  • කොකෝවා පව්ඩර් - 25g
  • බටර් - 115g
  • සීනි - 200g
  • බිත්තර - 02
  • වැනිලා - තේ හැඳි 01
  • වයිට් චොක්ලට් - 100g
  • අයිසින් සීනි - 60g
  • රතු පාට ෆුඩ් කලරින්

සාදන ක්‍රමය:

  • මුලින්ම පිටි ටිකයි, බේකින් පව්ඩර් ටිකයි, ලුනුයි, කොකෝවා පව්ඩර් ටිකයි එකට කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
  • බටර් ටිකයි සීනි ටිකයි එකට දාලා හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කරන්න.
  • මේකට බිත්තර එක එක දදා බීට් කරන්න.
  • වැනිලා ටික එකතු කරන්න.
  • රතු පාට ෆුඩ් කලරින් ටික දාලා ආයෙත් හොඳට බීට් කරන්න.
  • කලින් හදා ගත්ත පිටි ටික ටික දදා හොඳට කලවම් වෙනකන් බීට් කරන්න.
  • පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ කඩා ගත්ත වයිට් චොක්ලට් ටික දාලා කලවම් කරන්න.
  • ඊළගට මේ බෝල් එක කවර් කරලා පැය 02ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • ෆ්‍රිජ් එකෙන් එලියට අර ගත්තට පස්සේ මේකෙන් පොඩි පොඩි බෝල හදාගෙන ඒ ටික අයිසින් ෂුගර් වල තවරලා බේකින් ට්‍රේ එකකින් තියා ගන්න.
  • දැන් මේ කුකීස් ටික අවන් එකට දාලා විනාඩි 12-15ක් විතර 180º C ක් උෂ්ණත්වයක බේක් කර ගන්න.
  • අවන් එකෙන් එලියට අරගෙන කුකීස් ටික නිමෙනකන් කූලින් රැක් එකකින් තියලා තියන්න.
Red Velvet Cookies
Red Velvet Cookies
Red Velvet Cookies

Contact DailyLife.lk

or drop an E-Mail to