රසට හදමු අල සමෝසා

අල සමෝසා කියන්නේ හරිම රස කෑමක්. මේ අල සමෝසා එක ඉන්දියාවේ නම් හරිම ප්‍රසිද්ධ කෑමක්. ඔයාලාට මේ අල සමෝසා හරිම ලේසියෙන් තේ වෙලාවකට, රෑකට වගේම උදේකට උනත් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: පිටි මිශ්‍රණය සදහා

  • පාන් පිටි - 200g
  • පොල් තෙල් - මේස හැඳි 02
  • ලුනු - තේ හැඳි 1/2
  • වතුර
  • අවශ්‍ය ද්‍රව්‍ය: පිරවුම සඳහා

  • තම්බපු අර්තාපල් - 250g
  • මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • කහ කුඩු - තේ හැඳි 1/4
  • තුනපහ කුඩු - තේ හැඳි 1/2
  • සුදුරු - තේ හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • කරදමුංගු - 2
  • තලාගත් ඉඟුරු - අගලක කෑල්ලක්
  • කරාබු නැටි - 2
  • අමු මිරිස් - 2
  • කරපිංචා
  • රස පදමට ලුනු
  • ලොකු ළුණු - 1/2
  • සුදු ළුණු - බික් 5
  • බැදීමට තෙල්
  • සාදන ක්‍රමය:

    • සමෝසා පිටි මිශ්‍රණය හදා ගන්න මුලින්ම පිටි වලට ලුනුයි තෙලුයි දාලා කලවම් කරන්න. අතට පිටි ටිකක් අරන් ගුලි කලහම කුඩු කුඩු වැටෙන්නේ නැතුව පිටි ටික ගුලි වෙලා හිටිනවානම් පිටි ටික තෙලුත් එක්ක හොඳට කලවම් වෙලා තියෙන්නේ.
    • දැන් මේකට වතුර ටික ටික දදා ටිකක් තද පිටි මෝලියක් හදා ගන්න. ඔයාලා මේක ගොඩක් වෙලා නීඩ් කරලා ඕනෑවට වඩා සොෆ්ට් කර ගන්න එපා. අපිට මේ සමෝසා එකට ඕනේ ටිකක් තද පිටි මෝලියක්. පිටි මෝලිය හදා ගත්තාට පස්සේ මේක වහලා පැය භාගයක් තියලා තියන්න.
    • මේ අතරතුරේදී අපි සමෝසා එක ඇතුලට දාන පිරිවුම හදා ගම්මු. ඒකට පෑන් එකකට තෙල් ටිකක් දාලා තෙල් රත් වෙනකොට සුදුරු ටික දා ගන්න.
    • සුදුරු ටික බැදෙනකොට තලාගත්ත ඉඟුරු සුදු ළුණු ටික දාන්න.
    • දැන් හීනියට කපා ගත්ත ළුනුයි, කරපින්චයි, අමු මිරිස් ටිකයි දා ගන්න.
    • දැන් මිරිස් කුඩුයි, තුනපහ කුඩුයි, ලුනුයි, කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි, කරදමුංගු කරාබු නැටි ටිකයි දා ගන්න. මේ ඔක්කොම ටික හොඳට කලවම් කරලා විනාඩි 2-3ක් විතර උයා ගෙන අන්තිමටම තම්බලා පොඩි කර ගත්ත අල ටික දා ගන්න.
    • ඊළගට අපි හදා ගත්ත පිටි මෝලිය පිටි ඉහ ගත්ත බෝර්ඩ් එකකට දාගෙන සමාන කොටස් 4ට කපා ගන්න. මේ කොටස් 4න් අපිට පුළුවන් සමෝසා 8ක් හදා ගන්න.
    • දැන් මේ එක කොටසක් අරගෙන මේක බෝල කරලා ඊළගට මේක රෝලින් පින් එකකින් බිත්තරයක හැඩයට පැතලි කර ගන්න. ඔයාලා මේක ගොඩක්ම තුනී කර ගන්න එපා. ගොඩක්ම තුනී උනොත් එහෙම සමෝසා ගොට්ට හදා ගන්න අමාරු වෙනවා.
    • දැන් මේ තුනී කර ගත්ත රොටිය හරි මැදින් කපලා කොටස් දෙකකට වෙන් කර ගන්න.
    • වෙනමම බෝල් එකක පිටි ටිකකුයි වතුර ටිකකුයි දාලා කලවම් කරලා ටිකක් ඝනකම් බැටර් එකක් හදා ගන්න. මේකෙන් තමයි අපි සමෝසා ටික අලවා ගන්නේ. ඔයාලාට මේ සමෝසා අලවා ගන්න වතුර ගන්නත් පුළුවන්.
    • දැන් කලින් කපා ගත්ත එක කොටසක් අරගෙන ඒකෙ කෙලින් තියන දාරේ හදා ගත්ත බැටර් එකෙන් ටිකක් ගාලා ගොට්ටක් හදා ගන්න. දාර දෙක හොඳට සීල් කරලා ගැලවෙන්නේ නැති වෙන්න හදා ගන්න.
    • ඊළගට මේ ගොට්ට ඇතුලට හදා ගත්ත පිරවුමෙන් ටිකක් දා ගෙන හැන්දෙන් ටිකක් ඇතුලට පිරවුම තද කරන්න. දැන් උඩ තියන දාරෙත් හදා ගත්ත බැටර් එක ගාලා හොඳට අලවා ගන්න. දාරේ ඇගිල්ලෙන් තද කරලා සමෝසා එක කෙලින් තියන්න පුළුවන් වෙන්න හදා ගන්න.
    • ඔක්කොම සමෝසා ටික හදා ගත්තාට පස්සේ මේ ටික රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ බැද ගන්න.
    Potato Samosa
    Potato Samosa
    Potato Samosa
    Potato Samosa
    Potato Samosa
    Potato Samosa
    Potato Samosa

    Contact DailyLife.lk

    or drop an E-Mail to