උදේකට රෑකට ඉක්මනින් හදා ගන්න දඩි බිඩි කෑමක්

හිතුන ගමන් ටක් ගාලා හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් අල පෑන් කේක් හදන විදිහ තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තම්බාගත් අර්තාපල් - 100g
  • ලොකු ළුණු - 1/2
  • අමු මිරිස් - 2
  • කරපිංචා
  • පොඩි කැරට් - 01
  • ලුනු - තේ හැඳි 1/2
  • කෑලි මිරිස් - තේ හැඳි 1/2
  • කහ කුඩු - තේ හැඳි 1/4
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/4
  • නැවුම් කිරි - 500ml
  • බිත්තර - 01
  • පාන් පිටි - 150g
  • තක්කාලි - ½

සාදන ක්‍රමය:

  • මුලින්ම ළුණු, තක්කාලි, කරපිංචා සහ අමු මිරිස් ටික හීනියට කපා ගන්න. පොඩි කැරට් අලේත් හීනියට ග්‍රේට් කර ගන්න.
  • ඊළගට තම්බා ගත්ත අල ටික පොඩ්ඩක්වත් කෑලි හිටින්නේ නැති වෙන්න හොඳට පොඩි කර ගන්න.
  • දැන් කපා ගත්ත එළවළු ටිකයි, පොඩි කර ගත්ත අල ටිකයි භාජනයකට දාලා ඒකටම කහ කුඩුයි, කෑලි මිරිසුයි, ගම්මිරිස් කුඩුයි, ඔයාලගේ රස පදමට ලුනුයි දාලා හොඳට කලවම් කර ගන්න.
  • ඊළගට ටිකක් ලොකු බෝල් එකකට කිරි ටික දාගෙන ඒකට බිත්තරේ කඩලා දාලා කලවම් කර ගන්න. ඔයාලට මේකට නැවුම් කිරි වෙනුවට පොල් කිරි අර ගන්නත් පුළුවන්.
  • දැන් මේකට පිටි ටික ටික දදා තරමක ඝනකම් මිශ්‍රණයක් හදා ගන්න. ඔයාලා මේකේ පිටි ටික කෑලි හිටින්නේ නැති වෙන්න හොඳට දිය කර ගන්න.
  • ඊළගට අපි කලින් හදා ගත්ත අල මිශ්‍රණය මේ පිටි මිශ්‍රණයට දාලා හොඳට කලවම් කර ගන්න.
  • අන්තිමට පෑන් එකක තෙල් ටිකක් ගාලා රත් කරලා ඒකට මේ පිටි මිශ්‍රණයෙන් ටිකක් දාලා පෑන් කේක් හැඩේකට හදා ගන්න. එක පැත්තක් විනාඩියක් විතර උයා ගෙන පෑන් කේක් එක අනිත් පැත්ත දාගෙන ඒ පැත්තත් තත්පර 30-40 විතර මද ගින්දරේ උයා ගන්න. ඔයාලගේ පෑන් කේක් එකේ ඝනකමේ හැටියට මේ උයා ගන්න වෙලාව ටිකක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්.
  • මේ විදිහට ඔයාලා හදා ගත්ත පිටි මිශ්‍රණය ඉවර වෙනකන්ම පෑන් කේක් ටික හදා ගන්න.
  • ඔක්කොම පෑන් කේක් ටික හදාගෙන උණු උණුවෙන්ම රස බලන්න.
  • Potato Pan Cake
    Potato Pan Cake
    Potato Pan Cake
    Potato Pan Cake
    Potato Pan Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to