කඩල මිශ්‍ර අල කරිය
හැමදාම හදන අල හොද්දට වෙනසක් කරලා කඩල මිශ්‍ර අල කරියක් හදලා බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කොටු හැඩයට කපා ගත්ත අර්තාපල් - 500g
- එළවලු තෙල් - මේස හැඳි 02
- කපා ගත්ත ලොකු ළුණු ගෙඩි - 01
- සුදු ළුණු - බික් 04
- තුන පහ කුඩු - තේ හැඳි 02
- මිරිස් කුඩු - තේ හැඳි 01
- කහ කුඩු - තේ හැඳි 1/2
- තලා ගත්ත අමු ඉගුරු - තේ හැඳි 01
- ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
- තම්බා ගත්ත කඩල - 150g
- දෙහි යුෂ - තේ හැඳි 01
- කපා ගත්ත තක්කාලි - 150g
- පොල් කිරි - 300ml
- ලුනු - තේ හැඳි 02
- අමු මිරිස් - කරල් 02
- රම්පේ
- කරපිංචා
- කුරුදු පොතු
සාදන ක්‍රමය:
- මුලින්ම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් කර ගන්න.දැන් මේ තෙල් එකට කපා ගත්ත ළුණු ටික දාලා විනාඩි 03ක් විතර තියන්න.
- ඊළගට කුරුදු පොතුයි, සුදු ලුනුයි දාලා තවත් විනාඩි 02ක් විතර කලවම් කරන්න.
- අමු මිරිසුයි, රම්පේ, කරපිංචා යිත් දා ගන්න.
- තුන පහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, ඉගුරු, ගම්මිරිස් කුඩු හා ලුනු ටික දා ගන්න.
- කොටු හැඩේට කපා ගත්ත අල ටිකයි, තම්බා ගත්ත කඩල ටිකයි දාලා කලවම් කරන්න.
- දැන් තක්කලියි, දෙහි යුෂ ටිකයි දා ගන්න.
- ඊළගට පොල් කිරි ටික දාලා හොඳට කලවම් කරන්න. දැන් ගින්දර ටිකක් වැඩි කරලා මේ කරි එක උයා ගන්න.
- පොල් කිරි ටික හොඳට රත් වෙලා බුබුළු දානකොට ගින්දර අඩු කරලා මේ කරි එක මද ගින්දරේ විනාඩි 15ක් 20ක් විතර අල ටික තැම්බෙනකන් උයා ගන්න.
- නිකන්ම අල හොඳි එකකට වඩා මේ කරි එක හරිම රසයි. පාන්, ඉදි ආප්ප, බත් වගේ කන්න උනත් මේ කරි එක නියමයි.