පොලොස් හදන්න රස විදිහක්

පොලොස් හදන එක එක විදි අතරෙන් පොලොස් අච්චාරු කියන්නේ හරිම රස කෑමක්. විවිධ වර්ගයේ අච්චාරු අතරෙනුත් හරිම ලේසියෙන් රසට හදා ගන්න පුළුවන් අච්චාරුවක් තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පොලොස් - 500g
  • ගොරකා - බික් 2
  • ලුනු - තේ හැඳි 1
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • රතු ළුණු - 150g
  • අමු මිරිස් - 20
  • කොච්චි - 10
  • අබ පේස්ට් - මේස හැඳි 5
  • තලා ගත්ත ඉඟුරු - අඟලක කෑල්ලක්
  • තලා ගත්ත සුදු ළුණු - බික් 10
  • කුරුදු පොතු ටිකක්
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 2
  • විනාකිරි - මේස හැඳි 8
  • ලුනු - තේ හැඳි 2
  • මිරිස් කුඩු - තේ හැඳි 1 1/2
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • කැරට් - 1
  • සීනි - 30g
  • සාදන ක්‍රමය:

    • මුලින්ම පොලොස් ගෙඩිය සුද්ද කර ගන්න. පොලොස් සුද්ද කරන්න කලින් අත් දෙකෙයි, පිහියෙයි, ඔයාලගේ කටින් බෝඩ් එකෙයි හොඳට දෙහි යුෂ ටිකක් ගා ගන්න. එතකොට හැම තැනම කොහොල්ලා ඇලෙන්නේ නෑ. සුද්ද කර ගත්ත පොලොස් ගෙඩිය තරමක කෑලි වලට කපා ගන්න.
    • දැන් මේ කපා ගත්ත පොලොස් කෑලි ටික තම්බා ගන්න ඕනේ. ඒකට පොලොස් කෑලි ටික භාජනයකට දාලා ඒකට ගොරකයි, ලුනුයි, කහ කුඩුයි, ඇති තරමට වතුරයි දාලා මේ පොලොස් කෑලි ටික තම්බා ගන්න. ඔයාලා මේ පොලොස් ටික බෙරි වෙනකන් තම්බන්න ඕනේ නෑ. පස්සේ මේ ටික විනාකිරිත් එක්ක කලවම් කලහම මේ ටික හොඳට මෙලෙක් වෙනවා.
    • තම්බා ගත්ත පොලොස් කෑලි ටික වතුර පෙරලා, දා ගත්ත ගොරකා කෑලි ටික අයින් කරලා ටිකක් වෙලා නිමෙන්න තියන්න.
    • පොලොස් ටික නිමෙනකන් අමු මිරිස් ටිකයි කොච්චි ටිකයි දෙකට පලා ගන්න. ඔයාලට මේ අච්චාරු එක එච්චරම සැරට ඕනේ නැත්නම් ඔයාලා කොච්චි නොදා අමු මිරිස් විතරක් දා ගන්න.
    • පොලොස් ටික නිමුනහම මේ ටික තව ටිකක් පොඩි කෑලි වලට කපා ගන්න. පොලොස් කෑලි පොඩියට කපපුවහම මේ ටිකට හොඳට ලුනු ඇඹුල් රස අල්ලනවා.
    • ඊළගට මැටි ඇතිලියක් අරගෙන ඒකට අබ පේස්ට් ටිකයි, තලා ගත්ත ඉඟුරු සුදු ළුණුයි, කුරුදු පොතුයි, ගම්මිරිස් කුඩුයි, ලුනුයි, මිරිස් කුඩුයි, විනාකිරි ටිකයි දාලා හොඳට කලවම් කරලා මේ ඇතිළිය ලිපේ තියලා මේ ටික හොඳට රත් කර ගන්න.
    • විනාකිරි මිශ්‍රණය රත් උනහම මේකට රතු ළුණු ටික දා ගන්න. මේ රතු ළුණු හොඳට සෝදලා වතුර හින්දලා අර ගන්න.
    • ඊළගට අමු මිරිස් කොච්චි ටික දා ගන්න.
    • දැන් හීනියට කපා ගත්ත කැරට් ටික දාන්න. මේ අච්චාරු එකට දාන හැම දේකම හොඳට වතුර හින්දලා තමයි දා ගන්න ඕනේ.
    • දැන් මේකට සීනි ටික දා ගන්න. සීනි දා ගත්තහම මේ අච්චාරු එක හොඳට රස වෙනවා. ඔයාලට මේ අච්චාරු එක සීනි නැතුව උනත් හදා ගන්න පුළුවන්.
    • අන්තිමට කපා ගත්ත පොලොස් කෑලි ටික දා ගන්න. මේ පොලොස් කෑලි ටික විනාකිරි මිශ්රණයත් එක්ක හොඳට කලවම් කර ගත්තාට පස්සේ ඇතිලිය ලිපෙන් බා ගන්න.
    • අච්චාරු එක ටිකක් නිමුනාට පස්සේ හොඳට සෝදලා වේලා ගත්ත වීදුරු බෝතල් වලට අසුරා ගන්න. මේක ඔයාලට මැටි ඇතිලියක හොඳට කට ගැට ගහලා තියා ගන්නත් පුළුවන්. මේ අච්චාරු එක දවස් දෙක තුනක් හොඳට පදම් උනාට පස්සේ තමයි රස වැඩි.
    Baby Jackfruit Pickle
    Baby Jackfruit Pickle
    Baby Jackfruit Pickle
    Baby Jackfruit Pickle
    Baby Jackfruit Pickle
    Baby Jackfruit Pickle
    Baby Jackfruit Pickle

    Contact DailyLife.lk

    or drop an E-Mail to