පොල්කා ඩොට් ස්විස් රෝල්
ස්විස් රෝල් කන්න අපි හැමෝම කැමතිනේ. ඒ වගේම තමයි මේ ස්විස් රෝල් තේ වෙලාවට, ගෙදරට කවුරු හරි ආවහම තේ දෙන්න වගේ හොඳටම ගැලපෙන කෑමක්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බිත්තර සුදු මද - 06
- බිත්තර කහ මද - 06
- සීනි - 90g
- පිටි - 90g
- ලුනු - තේ හැඳි 1/2
- දිය කරගත්ත මාගරින් - 120g
- වැනිලා - තේ හැඳි 02
- ෆුඩ් කලරින්
- අයිසිං සීනි - 150g
- බටර් - 150g
සාදන ක්‍රමය:
- සීනි ටිකයි බිත්තර සුදු මද ටිකයි එකට දාලා හොඳට බීට් කර ගන්න.
- දැන් මේකට බිත්තර කහ මද එක එක දදා බීට් කරන්න.
- මේ බිත්තර මිශ්‍රණයට ලුනුයි පිටියි දාලා කලවම් කර ගන්න.
- පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ දිය කරගත්ත මාගරින් ටිකයි වැනිලා ටිකයි දාලා කලවම් කරන්න.
- දැන් මේ බැටර් එකෙන් මේස හැඳි 02 ගානේ පොඩි භාජන 04කට දාගෙන ඒවාට ඔයාලා කැමති පාටවල් වෙන වෙනම කලවම් කර ගන්න.
- බේකින් ට්‍රේ එකක් උඩට බේකින් ශීට් එකක් දාලා ඒකේ උඩට තැනින් තැන එක එක පාටවල් වලින් ඩොට් දා ගන්න.
- දැන් මේක 180C කට ප්‍රී හීට් කරපු අවන් එකේ විනාඩි 05ක් බේක් කර ගන්න.
- මේ බේක් කර ගත්ත ඩොට් ටික නිමුනාට පස්සේ ඉතුරු කේක් මිශ්‍රනයත් මේකට උඩින් දාලා පැතලි කර ගන්න. මේකත් තවත් විනාඩි 15 - 18 විතර 180C උෂ්ණත්වයක බේක් කරන්න.
- කේක් එක බේක් වෙනකන් අයිසින් ටික හදා ගන්න. ඒකට අයිසින් සීනි ටිකයි බටර් ටිකයි එකට දාලා හොඳට කලවම් කරන්න.
- කේක් එක බේක් උනාට පස්සේ ඒක අවන් එකෙන් එලියට අරගෙන ටිකක් වෙලා නිමෙන්න තියන්න. දැන් මේ කේක් එක අනිත් පැත්ත හරවලා බේකින් ශීට් එක ගලවලා අයින් කරන්න.
- දැන් කේක් ශීට් එකේ ඩොට් තියන පැත්ත යටට තියලා අනිත් පැත්තට අයිසින් ටික දාලා පැතලි කර ගන්න.
- කේක් එක රෝල් කරලා හොඳට සෙට් වෙනකන් පැය 02ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
- කේක් එක හොඳට සෙට් උනාට පස්සේ කෑලි වලට කපා ගන්න.