ගෙදර කට්ටියත් එක්ක රසට හදාගෙන කන්න පින්ක් චොක්ලට් කේක්
බිත්තර නොදා හදන මේ පින්ක් චොක්ලට් කේක් එක වයිට් චොක්ලට් රසට කැමති ඔයාලටමයි.
අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සදහා
- එළ කිරි - 180ml
- ලෙමන් යුෂ - තේ හැඳි 01
- බටර් / මාගරින් - 35g
- තෙල් - 10ml
- කුඩු කර ගත්ත සීනි - 40g
- වැනිලා - තේ හැඳි 01
- උකු කිරි - 125ml
- කේක් පිටි - 220g
- බේකින් පවුඩර් - තේ හැඳි 01
- බේකින් සෝඩා - තේ හැඳි 1/3
- රෝස පාට ෆුඩ් කලරින්
- පොඩියට කපා ගත්ත වයිට් චොක්ලට් - 25g
අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් මිශ්‍රණය සදහා
- වයිට් චොක්ලට් - 75g
- උකු කිරි - 75g
- රෝස පාට ෆුඩ් කලරින්
සාදන ක්‍රමය:
- ලෙමන් යුෂ ටික උකු කිරිත් එක්ක කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
- මාගරින් ටිකට සීනි ටිකයි, තෙල් ටිකයි දාලා කලවම් කරන්න.
- ඊළගට වැනිලා ටික එකතු කරන්න.
- දැන් මේකට ටින් කිරි ටික දාලා කලවම් කරන්න.
- ඊළගට පිටියි, බේකින් පවුඩර් ටිකයි, බේකින් සෝඩා ටිකයි එකතු කර ගන්න.
- දැන් කිරි ටික ටික එකතු කරන ගමන් හොඳට කලවම් කරන්න.
- ඊළගට මේ බැටර් එක සමාන කොටස් දෙකකට බෙදා ගෙන එක කොටසකට රෝස පාට ෆුඩ් කලරින් එකතු කරන්න.
- දැන් මේ බැටර් දෙකෙන් මාරුවෙන් මාරුවට ටික ටික අරගෙන බේකින් ට්‍රේ එකෙන් තියා ගන්න.
- බැටර් එක උඩින් ග්‍රේට් කර ගත්ත වයිට් චොක්ලට් ටිකකුත් දා ගන්න.
- දැන් මේ කේක් එක 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකේ විනාඩි 35ක් 45ක් විතර බේක් කර ගන්න. බේක් උනාට පස්සේ කේක් එක ටිකක් වෙලා නිමෙන්න තියන්න.
- වයිට් චොක්ලට් මිශ්‍රණය හදා ගන්න වයිට් චොක්ලට් ටිකයි ටින් කිරි ටිකයි එකට දාලා හොඳට දිය කර ගන්න. මේ මිශ්‍රණයෙන් භාගයක් කේක් එකට උඩින් වක්කර ගන්න.
- ඉතුරු ටිකට රෝස පාට ෆුඩ් කලරින් දාලා කලවම් කරන්න. මේ ටිකත් කේක් එකට උඩින් දා ගන්න.
- ඊළගට කේක් එකට උඩින් ග්‍රේට් කර ගත්ත වයිට් චොක්ලට් ටිකක් ඉහ ගෙන චොක්ලට් මිශ්‍රණය සෙට් වෙනකන් විනාඩි 30ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
- වයිට් චොක්ලට් රසට කැමති ඔයාලා නම් මේ කේක් එකට ගොඩක් කැමති වෙයි.