අමුද්‍රව්‍ය දෙකෙන් රස ටොෆී එකක්

ඔයාලත් තේ වෙලාවට ගන්න වැඩි වැඩ නැති කෑමක් හොයනවනම් එහෙම මෙන්න නියම රෙසිපි එකක්. ඔයාලට අමුද්‍රව්‍ය දෙකක් විතරක් පාවිච්චි කරලා තේ වෙලාවට ගන්න රසම රස ටොෆී එකක් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පීනට් බටර් - 225g
  • වයිට් චොක්ලට් - 100g
  • සෙමි ස්වීට් චොක්ලට් - 100g
  • සාදන ක්‍රමය:

  • මුලින්ම පීනට් බටර් ටික එක සමාන කොටස් දෙකකට වෙන් කරගෙන ඒකෙන් එක කොටසකට සෙමි ස්වීට් චොක්ලට් ටික දාලා දිය කරගන්න. ඔයාලට මේ ටික තත්පර 30ක් විතර මයික්‍රෝවේව් කරලා හරිම ලේසියෙන් දිය කර ගන්න පුළුවන්. දැන් මේ දිය කර ගත්ත මිශ්‍රණය ඔයාලා කලින් ලෑස්ති කර ගත්ත ට්‍රේ එකකට දා ගන්න.
  • කලින් කල විදිහටම වයිට් චොක්ලට් ටිකත් ඉතුරු පීනට් බටර් ටික එක්ක දිය කර ගෙන මේ මිශ්‍රනයත් හෙමින් සැරේ ට්‍රේ එකට දා ගන්න.
  • දැන් ගෑරුප්පුවකින් මේක හෙමින් කලවම් කරලා පොඩි රටාවක් හදා ගන්න. හැබැයි මේක ඕනෑවට වඩා ගොඩක්ම කලවම් කරන්න එපා.
  • දැන් මේ ටොෆී එක සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියලා තියන්න. ටොෆී එක හොඳටම සෙට් උනාට පස්සේ අපිට පුළුවන් මේක කෑලි වලට කපලා රස බලන්න.
  • Peanut Butter Fudge
    Peanut Butter Fudge
    Peanut Butter Fudge
    Peanut Butter Fudge

    Contact DailyLife.lk

    or drop an E-Mail to