පීනට් බටර් චොක්ලට් කුකීස්

පීනට් බටර් චොක්ලට් කුකීස් කියන්නෙත් ඔයාලගේ නත්තල් කෑම මේසේ තවත් අලංකාර කර ගන්න පුළුවන් හරිම සරල කුකී එකක්. චොක්ලට් එක්ක හැපෙන පීනට් බටර් රස ඔයාලට අමුතුම රසවත් හැගීමක් ගෙන දෙනවාට කිසිම සැකයක් නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බටර් - 60g
  • පීනට් බටර් - 240g
  • සුදු සීනි - 100g
  • දුඹුරු සීනි - 100g
  • බිත්තර - 02
  • පාන් පිටි - 190g
  • බේකින් පව්ඩර් - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/2
  • චොක්ලට් - 120g
  • මිල්ක්මේඩ් - 120g

සාදන ක්‍රමය:

  • බටර් ටිකයි, පීනට් බටර් ටිකයි, සීනි ටිකයි හොඳට කලවම් කරන්න.
  • මේකටම බිත්තර දාලා කලවම් කරන්න.
  • බේකින් පව්ඩර් ටිකයි, ලුනු ටිකයි පිටි වලට දාලා හොඳට කලවම් කරන්න.
  • පිටි ටික ටික බටර් එකට දාලා කලවම් කරන්න.
  • දැන් මේ පිටි වලින් බෝලයක් වගේ හදලා ඒක සීනි වල තවරලා බේකින් ට්‍රේ එකකින් තියා ගන්න.
  • ඔක්කොම බෝල ටික හදාගෙන ඉවර උනාට පස්සේ ඔයාලගේ මහපටගිල්ලෙන් මේ බෝල මැද්දේ පොඩි හිලක් වගේ හදා ගන්න.
  • දැන් මේ කුකීස් ටික 180°C ක උෂ්ණත්වයක විනාඩි 12ක් 15ක් විතර බේක් කර ගන්න.
  • මේ අතරතුරේදී මේ කුකී එක උඩට දාන චොක්ලට් ටික හදා ගන්න ඕනේ. ඒකට මිල්ක්මේඩ් ටික භාජනයකට දාලා ටිකක් රත් කරන්න.
  • මිල්ක්මේඩ් ටික බුබුළු දාන්න පටන් ගන්නකොට ඒකට චොක්ලට් ටික දාලා දිය කර ගන්න.
  • කුකීස් ටික බේක් වෙලා ඉවර උනාට පස්සේ අවන් එකෙන් එලියට අරගෙන විනාඩි 05ක් විතර නිමෙන්න තියන්න.
  • ඊළගට අපි හදාගත්ත චොක්ලට් ටික මේ කුකීස් උඩට හෙමින් සැරේ දාගෙන හොඳටම නිමෙන්න තියන්න.
Peanut Butter Chocolate Cookies before baking
Peanut Butter Chocolate Cookies
Peanut Butter Chocolate Cookies
Peanut Butter Chocolate Cookies

Contact DailyLife.lk

or drop an E-Mail to