පොඩ්ඩන්ට ආසා හිතෙන රස කෑමක්

දැක්ක ගමන් පොඩ්ඩන්ට ආසා හිතෙන මේ කෑම ඔයාගේ බබාගේ උපන්දින පාටියකට වගේ නම් හොඳට ගැලපෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පීනට් බටර් - 126g
  • ක්‍රීම් චීස් - 250g
  • අයිසින් සීනි - 35g
  • පොප්සිකල් ස්ටික් - 06
  • චොක්ලට් - 150g
  • පාට පාට ස්ප්‍රින්කල්ස්

සාදන ක්‍රමය:

  • මුලින්ම ක්‍රීම් චීස් ටිකයි, පීනට් බටර් ටිකයි, අයිසින් සීනි ටිකයි එකට දාලා හොඳට ස්මූත් වෙනකන් බීට් කර ගන්න.
  • දැන් මේ මිශ්‍රණය හතරැස් හැඩයේ පොඩි ට්‍රේ එකකට දාලා තුනී කර ගන්න.
  • ඊළගට පස්සේ කොටු කපා ගන්න ලේසි වෙන්න ඉරි ටිකක් මාර්ක් කර ගෙන හැම කොටුවකටම මැද්දෙන් පොප්සිකල් ස්ටික් එකක් දා ගන්න.
  • දැන් මේක හොඳට සෙට් වෙන්න පැය දෙකක් විතර ෆ්‍රීසර් එකේ තියලා තියන්න.
  • මේක හොඳට සෙට් උනාට පස්සේ එලියට අරගෙන කලින් මාර්ක් කර ගත්ත ඉරි දිගේ කොටු ටික කපා ගන්න.
  • අන්තිමට මේ කෑලි ටික දිය කර ගත්ත චොක්ලට් වල පොගවලා මේ ටික ලස්සන වෙන්න පාට පාට ස්ප්‍රින්කල්ස් වල තවරා ගන්න.
  • Peanut Butter Cheesecake Bites
    Peanut Butter Cheesecake Bites
    Peanut Butter Cheesecake Bites
    Peanut Butter Cheesecake Bites

    Contact DailyLife.lk

    or drop an E-Mail to