පීනට් බටර් කේක්

රසම රස පීනට් බටර් අයිසින් එකකින් ලස්සන කර ගත්ත මේ පීනට් බටර් කේක් එක ඔයාලගේ තේ වෙලාවට නියමෙට ගැලපෙන කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:කේක් බැටර් එක සඳහා

  • ලුනු රහිත බටර් - 120g
  • ක්‍රීමි පීනට් බටර් - 200g
  • වතුර - 240ml
  • පාන් පිටි / කේක් පිටි - 250g
  • සීනි - 400g
  • බේකින් සෝඩා - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/2
  • ලොකු බිත්තර - 02
  • වැනිලා - තේ හැඳි 01
  • නැවුම් කිරි - 120ml

අවශ්‍ය ද්‍රව්‍ය: පීනට් බටර් අයිසින් සඳහා

  • ක්‍රීමි පීනට් බටර් - 250g
  • ලුනු රහිත බටර් - 200g
  • අයිසින් සීනි - 230g
  • වැනිලා - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • මුලින්ම පෑන් එකකට පීනට් බටර් ටිකයි, බටර් ටිකයි, වතුර ටිකයි දාලා මද ගින්දරේ ක්‍රීම් ගතියට එනකන් රත් කර ගන්න. පෑන් එක ලිපෙන් අයින් කර ගන්නකන්ම මේක දිගටම හැඳි ගාන්න. මිශ්‍රණය පදමට හරි ගියහම ලිපෙන් අයින් කර ගන්න.
  • වෙනමම බෝල් එකක පිටියි, සීනියි, බේකින් පවුඩර් ටිකයි, ලුනු ටිකයි දාලා කලවම් කර ගන්න.
  • ටිකක් ලොකු බෝල් එකක බිත්තර ටිකයි, කිරි ටිකයි, වැනිලා ටිකයි එකට දාලා හොඳට බීට් කර ගන්න.
  • කලින් හදා ගත්ත පිටි මිශ්‍රණය ටිකෙන් ටික මේ බිත්තර මිශ්‍රණයට දාලා කලවම් කර ගන්න.
  • පිටි ටික ඔක්කොම හොඳට කලවම් උනාට පස්සේ අපි කලින් හදා ගත්ත බටර් මිශ්‍රණය මේකට දා ගන්න.
  • දැන් මේ කේක් බැටර් එක 9"x 9" සයිස් එකේ බේකින් ට්‍රේ එකකට දාගෙන 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 35-40 විතර බේක් කර ගන්න.
  • කේක් එක බේක් උනාට පස්සේ හොඳටම නිමෙන්න තියන්න.
  • පීනට් බටර් අයිසින් එක හදා ගන්න, බටර් ටිකයි පීනට් බටර් ටිකයි එකට දාලා හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • දැන් මේකට අයිසින් සීනි ටික ටික එකතු කර ගන්න. අයිසින් සීනි ටික කැටි නැති වෙන්න හොඳට හලලා අර ගන්න.
  • අන්තිමටම වැනිලා ටික දාලා කලවම් කර ගන්න.
  • දැන් මේ හදා ගත්ත අයිසින් එකෙන් ඔයාලට කැමති විදිහට කේක් එක ලස්සන කර ගන්න.
  • මේ කේක් එක ෆ්‍රිජ් එකේ දාලා දවස් 3-4 විතර තියා ගන්න පුළුවන්.
  • Soft & Moist Peanut Butter Cake
    Soft & Moist Peanut Butter Cake
    Soft & Moist Peanut Butter Cake
    Soft & Moist Peanut Butter Cake
    Soft & Moist Peanut Butter Cake
    Soft & Moist Peanut Butter Cake
    Soft & Moist Peanut Butter Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to