බේක් කරන්නේ නැතුව චොක්ලට් පීනට් බටර් බාර් හදමු
හරිම රස ඒ වගේම ලස්සන මේ අතුරුපස හදාගන්න අපිට ඕනේ කරන්නේ හරිම පොඩි දේවල් ටිකක්. මේ රසම රස චොක්ලට් පීනට් බටර් බාර් හදාගන්න අපිට යන්නේ විනාඩි 20ක් වගේ හරිම පොඩි කාලයක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- ඩයිජෙස්ටිව් බිස්කට් - 200g
- පීනට් බටර් - 180g
- ඩාර්ක් චොක්ලට් - 200g
- ලුනු රහිත බටර් - 70g
සාදන ක්‍රමය
- බිස්කට් ටික පිටි වගේ වෙනකන් හොඳට බ්ලෙන්ඩර් කර ගන්න.
- මේ බිස්කට් එකට බටර් ටිකයි පීනට් බටර් 120g දාලා තව ටිකක් බ්ලෙන්ඩර් කරන්න.
- බිස්කට් ටික බේකින් පෑන් එකකට දාගන්න.
- වෙනමම බෝල් එකක චොක්ලට් ටිකයි පීනට් බටර් 30g යි මද ගින්දරේ දිය කර ගන්න.
- දැන් මේ චොක්ලට් මිශ්‍රණයත් බිස්කට් ටික උඩින් දාගන්න.
- තවත් පීනට් බටර් 30g ක් වෙනමම දිය කර ගන්න.
- දිය කර ගත්ත මේ පීනට් බටර් ටික චොකලට් මිශ්‍රණය උඩින් තැනින් තැන දාගන්න.
- බටර් ගාන පිහියක් අරගෙන මේක උඩින් ලස්සන රටාවක් හදාගන්න.
- දැන් මේක හොඳට සෙට් වෙනකන් පැය 02ක් විතර ශීතකරණයේ තියන්න.
- මේක හොඳට සෙට් උනාට පස්සේ රස්නේ පිහියකින් කෑලි වලට කපාගන්න.