පැෂන් ලෙල්ලෙන් ජෑම් හදමු

අවුරුද්දේ එක කාලෙකට විතරක් හැදෙන පලතුරු වාරේ ඉවර වෙලත් රස විදින්න තියන හොඳම විදිහක් තමයි ජෑම්. මේ විදිහට ගෙදරදීම හදා ගත්ත රසම රස ජෑම් එකක් ඔයාලගේ නෑදෑයෝ, වට පිටාවේ අය පුදුම කරවන්න දෙන්න හොඳ තෑග්ගක් වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පැෂන් - 800g
  • සීනි - 550g
  • ලුනු - තේ හැඳි 1/2
  • දෙහි යුෂ - තේ හැඳි 01
  • සාදන ක්‍රමය:

    • හොඳට සෝදලා අර ගත්ත පැෂන් ගෙඩි ටික දෙකට කපලා මැද තියන යුෂ ටික ඇටත් එක්කම සුරලා අර ගන්න.
    • පැෂන් ගෙඩි ටිකේ ලෙලි ටික වෙනමම භාජනයකට දාලා ඒ ටික වැහෙන මට්ටමට වෙනකන් වතුර දාලා මේ ලෙලි ටික විනාඩි 30ක් විතර තම්බා ගන්න.
    • පැෂන් ලෙලි ටික තැම්බෙනකන් කලින් සුරලා අර ගත්ත ජුස් ටික ඇටත් එක්කම බ්ලෙන්ඩර් එකකට දාලා හොඳට බ්ලෙන්ඩර් කරන්න. මේකට වෙනමම වතුර දාන්න එපා. බ්ලෙන්ඩර් කර ගත්ත ජුස් ටික පෙරලා ඇට ටික අයින් කර ගන්න.
    • පැෂන් ලෙලි ටික හොඳට තැම්බුනහම අපිට හරිම ලේසියෙන් ලෙල්ලේ මැද තියන සුදු පාට කොටස ගලවලා අයින් කර ගන්න පුළුවන්. මේ ගලවලා අර ගත්ත සුදු පාට කොටස බ්ලෙන්ඩර් එකකට දාලා පේස්ට් එකක් වගේ වෙනකන් බ්ලෙන්ඩර් කරන්න. මේක බ්ලෙන්ඩර් කරද්දීත් වෙනමම වතුර දාන්න එපා.
    • බ්ලෙන්ඩර් කර ගත්ත පේස්ට් එකයි, පැෂන් ජුස් ටිකයි, ලුනුයි, සීනියි පෑන් එකකට දාලා හොඳට කලවම් කරන්න.
    • දැන් මේ මිශ්‍රණය දිගටම හැඳි ගාන ගමන් මද ගින්දරේ උණු කරන්න. විනාඩි 10ක් විතර මිශ්‍රණය උණු කර ගත්තාට පස්සේ දෙහි යුෂ ටික එකතු කරන්න.
    • ඊළගට මිශ්‍රණය ජෑම් පදමට එනකන් දිගටම මද ගින්දරේ හැඳි ගාමින් උණු කරන්න.
    • ජෑම් එක හදාගන්න අතරතුරේදී ජෑම් ටික හදලා දාගන්න බෝතල් ටික ජීවානුහරණය කර ගන්න. ඒකට පෑන් එකක වතුර ටිකක් රත් කරලා පෑන් එකේ යටටම රෙදි කෑල්ලක් දාගන්න. මේ රෙද්ද උඩින් පරිස්සමට වීදුරු බෝතල් ටික තියාගෙන විනාඩි 10ක් විතර බෝතල් ටික තම්බා ගන්න. තම්බා ගත්ත බෝතල් ටික උණු වතුර එකෙන් එලියට අරගෙන වැඩිපුර වතුර ටික අයින් වෙන්න රෙදි කෑල්ලක් උඩින් බෝතලේ කට පැත්ත යටට හරවලා තියන්න.
    • ජෑම් එක පදමට හරි ගිහින්ද කියලා බලන්න ජෑම් බින්දුවක් පීරිසියකට දා ගන්න. දැන් මේ ජෑම් ටික මැද්දෙන් ඇගිල්ලෙන් ඉරක් ඇන්දහම මිශ්‍රණය ආයෙත් එකතු වෙන්නේ නැතුව තියනවානම් පදම හරි.
    • දැන් ජෑම් ටික ජීවානුහරණය කර ගත්ත බෝතල් වලට දාලා හොඳට තදට වහ ගන්න. ජෑම් බෝතලේ කට පැත්ත යටට හරවලා විනාඩි 5ක් විතර තියලා තියන්න. දැන් ආයෙත් බෝතලේ අනිත් පැත්ත හරවලා කිචන් ටවල් එකකින් කවර් කරලා කබඩ් එකක් ඇතුලේ පැය 24ක් තියලා තියන්න.
    • පහුවදාට ඔයාලට පුළුවන් ඔයාලා හදා ගත්ත රසම රස ජෑම් එකේ රස බලන්න.
    Homemade Passion Fruit Jam
    Homemade Passion Fruit Jam
    Passion Fruit Jam
    Passion Fruit Jam
    Homemade Passion Fruit Jam
    Homemade Passion Fruit Jam
    Homemade Passion Fruit Jam

    Contact DailyLife.lk

    or drop an E-Mail to