ගමේ කෑම කන්න කැමති අයට ගස්ලබු මැල්ලුම්

ගමේ කෑම කන්න කැමති අයට රසම රසට කන්න හදා ගන්න පුළුවන් හරිම ලේසි ගස්ලබු මැල්ලුමක් තමයි මේ. හැබැයි ඔයාලා දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් නම් හරි, දරුවෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් හරි නම් මේ අමු ගස්ලබු මැල්ලුම කන්න එපා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • අමු ගස්ලබු ගෙඩි - 1
  • රතු ළුණු - 4-5
  • සුදු ළුණු - 4
  • අබ කුඩු - තේ හැඳි 1
  • සුදුරු - තේ හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1
  • කහ කුඩු - තේ හැඳි 1
  • කරපිංචා - 6-7
  • අමු මිරිස් - 3
  • ගා ගත්ත පොල් - කෝප්ප 1
  • රස පදමට ලුනු
  • වතුර - කෝප්ප ½
  • සාදන ක්‍රමය:

    • පොතු ඇරගත්ත ගස්ලබු ගෙඩිය හොඳට සෝදලා අරගෙන හීනියට කෑලි වලට කපා ගන්න. දැන් මේ ටික භාජනෙකට දාලා වතුර ටික දාලා මේ ටික ටිකක් තම්බා ගන්න. ගස්ලබු ටික ඕනෑවට වඩා බෙරි කර ගන්න එපා. තම්බුන ගස්ලබු ටික වැඩිපුර වතුර ටික පෙරලා පැත්තකින් තියා ගන්න.
    • රතු ළුණුයි, සුදු ළුණුයි, කරපින්චායි, ගම්මිරිසුයි, අමු මිරිසුයි, සුදුරු ටිකයි ඔක්කොම එකට දාලා ග්රයින්ඩ් කර ගන්න.
    • දැන් වෙනමම ඇතිලියක ග්රයින්ඩ් කරලා හදා ගත්ත පේස්ට් එකයි, අබ කුඩුයි, කහ කුඩුයි, ලුනුයි, පොල් ටිකයි එකට දාලා කලවම් කරන්න. මේ ටික හොඳට කලවම් උනාට පස්සේ තම්බා ගත්ත ගස්ලබු ටිකත් දාලා කලවම් කරන්න.
    • දැන් ඇතිලිය ලිපේ තියලා විනාඩි 3-4ක් විතර මද ගින්දරේ මේ මැල්ලුම පොඩ්ඩක් මලවා ගන්න.
    Papaya Mallum
    Papaya Mallum
    Papaya Mallum

    Contact DailyLife.lk

    or drop an E-Mail to