පැණි බූන්දි රසට හදමු

බූන්දි කියන්නේ හරිම රස ඉන්දියානු රස කැවිලි වර්ගයක්. මේ තමයි ලංකාවේ අපි බූන්දි හදන විදිහ. මේ බූන්දි සතියක් විතර උනත් තියාගෙන කන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය : බූන්දි මිශ්‍රණය

  • පාන් පිටි - 150g
  • බේකින් පවුඩර් - තේ හැඳි 1 1/2
  • වැනිලා - තේ හැඳි 01
  • රතු පාට ෆුඩ් කලරින්
  • ලුණු - තේ හැඳි 1/2
  • වතුර

අවශ්‍ය ද්‍රව්‍ය : පැණි මිශ්‍රණය

  • සීනි - 400g
  • වතුර - කෝප්ප 1/2
  • දෙහි යුෂ - තේ හැඳි 02

සාදන ක්‍රමය:

  • පාන් පිටි, ලුනු, බේකින් පවුඩර් එකට දාලා හොඳට කලවම් කරන්න.
  • මේකට වතුර ටික ටික දදා කලවම් කරන්න. මේ මිශ්‍රණයට එක පාර වතුර ගොඩක් දාන්න එපා. එහෙම උනොත් දියාරු ගතිය වැඩි වෙයි.
  • හැන්දකින් පිටි ටිකක් අරන් වක්කලහම කැඩී කැඩී පහලට එන ගානට එනකන් ටිකක් ඝනට පිටි එක හදා ගන්න. ඒ වගේම තමයි පිටි එකේ කැටි නැති වෙන්නත් ඕනේ.
  • පිටි ටික දිය උනහම කලරින් ටිකයි වැනිලා ටිකයි දා ගන්න.
  • දැන් අපි මේ මිශ්රණේ හොඳට කලවම් කරලා පැත්තකින් තියා ගම්මු.
  • පැණි ටික හදා ගන්න සීනියි, වතුරයි එකට දාලා සීනි ටික දිය වෙනකන් මද ගින්දරේ කලවම් කරන්න.
  • පැණි ටික උණු වෙලා බුබුළු දාගෙන එනකොට මේකට දෙහි යුෂ ටික දාගන්න.
  • පැණි ටික හොඳට උණු වෙලා ටිකක් නුල් ඇදෙන ගානට එනකොට ලිප නිමා ගන්න.
  • බූන්දි මිශ්‍රණය පයිපින් බෑග් එකකට දාලා රත් උන තෙල් එකකට ලොකු පොඩි ප්‍රමාණ වලින් බූන්දි ටික වක්කර ගන්න.
  • දැන් මේ බූන්දි ටික ටිකක් වෙලා බැදගෙන තෙල් ටික හිදෙන්න බාගන්න.
  • බූන්දි ටික ගොඩක් වෙලා ක්‍රිස්පි වෙනකන් බැදෙන්න ඕනේ නෑ. ටිකක් බැදුනහම ඇති.
  • ඊලගට මේ බූන්දි ටික අපි කලින් හදාගත්ත පැණි එකට දාලා හොඳට කලවම් කරන්න. මේ වෙලාවේදී පැණි එක ටිකක් රස්නෙට තියෙන්නේ ඕනේ. එතකොට තමයි බූන්දි වලට පැණි ටික හොඳට අල්ලන්නේ.
  • පැණි එකේ බූන්දි ටික හොඳට කලවම් උනාට පස්සේ බූන්දි ටික පැණි එකෙන් අයින් කර ගන්න.
Boondi on a plate
Boondi on a plate
Close up view of Boondi
Side view of Boondi

Contact DailyLife.lk

or drop an E-Mail to