අඩු වියදමකින් ඉක්මනින් රසට රයිස් එකක්

ඔයාලට ගෙදර වැඩිපුර දේවල් නැති වෙලාවක අඩු වියදමකින් ඉක්මනින් රසට කන්න හදා ගන්න පුළුවන් රයිස් එකක් තමයි මේ බී ළුණු බත.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හාල් - 300g
  • බී ළුණු - 250g
  • බටර් - මේස හැඳි 02
  • කරදමුංගු - 03
  • කරාබු නැටි - 03
  • රම්පේ
  • කරපිංචා
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • බත් එක උයා ගන්න වතුර
  • මිරිස් කුඩු - තේ හැඳි 01
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 01
  • පොල් තෙල් - මේස හැඳි 02
  • රස පදමට ලුනු
  • තලා ගත්ත ඉඟුරු සුදු ළුණු - මේස හැඳි 01
  • බැදපු තුනපහ කුඩු - මේස හැඳි 01
  • වියළි මිදී (අවශ්‍යම නැත)
  • කජු (අවශ්‍යම නැත)

සාදන ක්‍රමය:

  • මුලින්ම හාල් ටික සෝදා ගෙන ඒකට ලුනු ටිකකුයි, කහ කුඩුයි, රම්පේ කෑලි දෙක තුනකුයි, කරදමුංගු කරාබු නැටියි දා ගන්න.
  • දැන් මේ බත් එක ඉදෙන ගානට වතුර තියලා බත් එක උයා ගන්න. බත් එක උයනකොට ඔයාලා කැමති නම් තෙල් තේ හැන්දක් විතර එකතු කර ගන්න. එතකොට බත් ඇට ටික එකට ඇලෙන්නේ නෑ.
  • බත් එක ඉදෙනකන් ළුණු ටික හීනියට කපා ගන්න. ඔයාලට පුළුවන් නම් මේ කියලා තියන ප්‍රමාණෙට වඩා ටිකක් වැඩිපුර ළුණු දා ගන්න. ළුණු වැඩි වෙන තරමට මේ බත් එක තවත් රසයි.
  • දැන් වෙනමම භාජනයක තෙල් ටිකක් රත් කරලා ඒකට තලා ගත්ත ඉඟුරු සුදු ළුණු ටිකයි කරපිංචා ටිකයි දා ගන්න.
  • සුදු ළුණු ටික බැදීගෙන එනකොට කපා ගත්ත ළුණු ටිකයි රස පදමට ලුනු ටිකකුයි දා ගන්න.
  • ළුණු ටික මද ගින්දරේ රන්වන් පාට වෙනකන් බැද ගන්න. හැබැයි ළුණු ටික ගොඩක්ම කර කර ගන්න එපා. එතකොට ඔයාලගේ බත් එක ටිකක් තිත්ත රස වෙයි.
  • ළුණු ටික බැදුනහම මේකට මිරිස් කුඩුයි, ගම්මිරිස් කුඩුයි, බැදපු තුනපහ කුඩු ටිකයි දාලා කලවම් කරන්න.
  • ඊළගට උයා ගත්ත බත් එකෙන් ටිකක් මේකට දාලා හොඳට කලවම් කරලා ඒකටම බටර් ටිකත් දාලා කලවම් කර ගන්න.
  • බටර් ටික හොඳට බත් ටිකත් එක්ක කලවම් උනහම ඉතුරු බත් ටිකත් දාලා කලවම් කර ගන්න.
  • ඔයාලා ලග තියනවනම් මේ වෙලව්දී වියළි මිදී ටිකකුයි කජු ටිකකුයිත් එකතු කර ගන්න,
  • අන්තිමටම බත් එක ටිකක් වැඩි ගින්දරේ විනාඩි 3-4 විතර කලවම් කරලා ලිප නිවා ගන්න.
  • Onion Rice
    Onion Rice
    Onion Rice
    Onion Rice
    Onion Rice

    Contact DailyLife.lk

    or drop an E-Mail to