ගෑසුයි කාලෙයි ඉතුරු කර ගන්න ලේසිම බත් එක

මේ දවස් වල හැම දෙයක්ම ගණන් හින්දා අපි උයද්දීත් ටිකක් අරපිරිමැස්මෙන් උයා ගන්න ඕනෙනේ. හැබැයි ඉතින් එහෙම කියලා රසට කන්නේ නැතුව ඉන්නෙත් බැහැනේ. අපි අද හදන්නේ අරපිරිමැස්මට රයිස් කුකර් එකේ හදා ගන්න පුළුවන් රසම රස බිත්තර බත් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සෝදා ගත් සහල් - 350g
  • බිත්තර - 04
  • පොල් තෙල් - මේස හැඳි 02
  • කුරුදු පොතු - අගලක කෑල්ලක්
  • කරාබු නැටි - 02
  • කරදමුංගු - 02
  • රම්පේ
  • කරපිංචා
  • තලා ගත්තු ඉඟුරු - අඟලක කෑල්ලක්
  • තලා ගත්ත සුදු ළුණු - බික් 4-5
  • ලොකු ළුණු - 01
  • කැරට්
  • බෝංචි
  • ගෝවා
  • මිරිස් කුඩු - තේ හැඳි 01
  • තුන පහ කුඩු - තේ හැඳි 01
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • අමු මිරිස් - 02
  • රස පදමට ලුනු
  • වතුර
  • සාදන ක්‍රමය:

  • මුලින්ම රයිස් කුකර් එකට තෙල් ටිකක් දාලා රත් කරලා ඒකට කුරුදු පොතුයි, කරාබු නැටියි, කරදමුන්ගුයි දා ගන්න.
  • ඊළගට තලා ගත්ත ඉඟුරු සුදු ළුණු ටික දා ගන්න.
  • ඉඟුරු සුදු ළුණු බැදීගෙන එනකොට රම්පේ කරපිංචා ටික දා ගන්න.
  • දැන් මේකට කපා ගත්ත ළුණු ටික දා ගන්න.
  • ඊළගට කපා ගත්ත එළවලු ටික දාලා හොඳට කලවම් කරන්න. එළවලු ටික හොඳට කලවම් කරලා විනාඩි 2-3 උයා ගන්න.
  • ඊළගට කහ කුඩුයි, තුනපහ කුඩුයි, මිරිස් කුඩුයි, ගම්මිරිස් කුඩුයි, රස පදමට ලුනුයි එකතු කරන්න. මේ ටික හොඳට කලවම් කරලා තවත් විනාඩි 2-3 උයා ගන්න.
  • දැන් සෝදලා වතුර පෙරා ගත්ත හාල් ටික දාලා කලවම් කරන්න.
  • ඊළගට බත් එක ඉදෙන්න ඕනේ ප්‍රමානෙට වතුර දාලා කපා ගත්ත අමු මිරිස් ටිකත් දාලා රයිස් කුකර් එකේ බත් එක උයා ගන්න.
  • බත් එකේ වතුර ටිකක් උතුරනකොට කඩා ගත්ත බිත්තර ටික එකින් එක දා ගන්න. බිත්තර දා ගත්තාට පස්සේ මේක කලවම් කරන්නේ නැතුව බත් එක උයා ගන්න.
  • බත් එක හරි යනකොට බිත්තර ටිකත් හොඳට තැම්බිලා රසට ලස්සනට එනවා.
  • One Pot Egg Rice
    One Pot Egg Rice
    One Pot Egg Rice
    One Pot Egg Rice
    One Pot Egg Rice

    Contact DailyLife.lk

    or drop an E-Mail to