බණ්ඩක්කා සම්බෝල

බණ්ඩක්කා කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය එළවළු වර්ගයක්. සමහරු බණ්ඩක්කා වලට ගොඩක් කැමති වන අතර සමහරු එයට අකමැති වෙනවා එහි ඇති සෙවල ගතිය නිසා. බණ්ඩක්කා වලින් සම්බෝලයක් හදලා කාල බලමු.

බණ්ඩක්කා සම්බෝල ඉතා ඉක්මනින් සහ පහසුවෙන් හදාගන්න පුළුවන්. ඔයාලගේ ආහාර වේලටත් බණ්ඩක්කා සම්බෝල එකතු කරගෙන බලන්නකො කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බණ්ඩක්කා කරල් 06
  • ලොකු ළුණු ගෙඩි 01
  • තක්කාලි ගෙඩි 01
  • අමු මිරිස් කරල් 01
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 01
  • ලුනු කුඩු තේ හැඳි 01
  • කහ කුඩු තේ හැදි 01
  • රස අනුව දෙහි යුෂ

සාදන ආකාරය:

  • බණ්ඩක්කා හොඳින් සෝදා සිහින්ව කපාගන්න.
  • බෝල් එකකට කපාගත් බණ්ඩක්කා දමා එයට කහ කුඩු සහ ලුණු කුඩු එකතු කර හොදින් මිශ්‍ර කරන්න. එය හොඳින් පදම් වීමට මිනිත්තු 02 - 03 තබාගන්න.
  • ගැඹුරු තෙලේ රන්වන් පාට වන බණ්ඩක්කා තුරු බැදගන්න.
  • බැදගත් බණ්ඩක්කා සියල්ල සම්බෝල සාදන තෙක් tissue එකකට දමා ගන්න.
  • ළුණු, අමුමිරිස් සහ තක්කාලි සිහින්ව කපාගන්න.
  • කපාගත් මිශ්‍රණයට ලුණු කුඩු ගම්මිරිස් කුඩු සහ දෙහි යුෂ එකතු කරමින් මිශ්‍ර කරන්න.
  • තක්කාලි සහ ලුනු බණ්ඩක්කා බදින විට එකතු කර ඇති බැවින් දෙහි යුෂ සහ ලුනු එකතු කිරීමේදී ඒ ගැන සැලකිලිමත්වන්න .
  • සාදා ගත් ළූණු සම්බෝලයට බැදගත් බණ්ඩක්කා ටිකෙන් ටික එකතු කරගනිමින් මිශ්‍ර කරගන්න.
  • මෙහිදී ඔබ මතක තබාගත යුතු කරුණක් වන්නේ ආහාර ගන්නා අවස්ථාවේ ම බණ්ඩක්කා එකතු කර ළූණු සම්බෝල අනා ගැනීමයි. එහෙම නැති උනොත් බණ්ඩක්කා පොගනවා.
  • ඔබ බණ්ඩක්කා වැඩිපුර බැඳ ගත්තේ නම් එය සුළං නොවදින භාජනයක අසුරා තැබීමෙන් වෙනත් දිනයක ප්‍රයෝජනයට ගත හැකි වෙනවා.
Okra Sambol
Okra Sambol

Contact DailyLife.lk

or drop an E-Mail to