ගෙදර හදපු නියුටෙලා

කඩෙන් ගන්නවා වගේම රසට අපි අද නියුටෙලා ටිකක් ගෙදරදීම හදා ගම්මු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හෙසල්නට් - 140g
  • මිල්ක් චොක්ලට් - 340g
  • තෙල් - මේස හැඳි - 02
  • කොකෝවා පවුඩර් - 8g
  • අයිසින් සීනි - 25g
  • ලුනු - තේ හැඳි 1/2
  • වැනිලා - තේ හැඳි ½

සාදන ක්‍රමය:

  • මුලින්ම හෙසල්නට් ටික විනාඩි 7 - 8 ක් විතර 175C ක උෂ්ණත්වයක රෝස්ට් කර ගන්න. ඔයාලට මේ ටික පෑන් එකකට දාලා ලිපේ රෝස්ට් කර ගන්නත් පුළුවන්.
  • රෝස්ට් කර ගත්ත හෙසල්නට් ටික රස්නේ පිටින්ම රෙදි කෑල්ලක ඔතලා හොඳට අතුල්ලන්න. එතකොට මේ ටිකේ පොතු ඇර ගන්න ලේසියි. ඔයාලා පොතු අයින් කරපු හෙසල්නට් අර ගන්නවානම් මේ විදිහට රෝස්ට් කරන්න ඕනේ නෑ.
  • දැන් ඔයාලා ගත්ත චොක්ලට් ටිකත් දිය කරලා පැත්තකින් තියා ගන්න. ඔයාලට මේ ටික ලේසියෙන්ම මයික්‍රෝවේව් එකක දිය කර ගන්න පුළුවන්.
  • ඊළගට හෙසල්නට් ටික පේස්ට් එකක් වගේ වෙනකන් බ්ලෙන්ඩර් කර ගන්න.
  • හෙසල්නට් ටික හොඳට බ්ලෙන්ඩර් උනාට පස්සේ තෙල් ටික දාලා තව ටිකක් බ්ලෙන්ඩර් කරන්න.
  • දැන් මේකට අයිසින් සීනියි, කොකෝවා පවුඩර් ටිකයි, ලුනුයි, වැනිලා ටිකයි දා ගන්න.
  • අන්තිමට දිය කර ගත්ත චොක්ලට් ටික දාලා මිශ්‍රණය හොඳටම ස්මූත් වෙනකන් බ්ලෙන්ඩර් කරන්න.
  • නියුටෙලා ටික හොඳට පදමට හරි ගියාට පස්සේ මේ ටික පිරිසිදු බෝතලේකට දා ගන්න.
  • ඔයාලට මේක මුකුත් වෙන්නේ නැතුව මාසයක් දෙකක් උනත් තියා ගෙන කන්න පුළුවන්.
  • Homemade Nutella
    Homemade Nutella
    Homemade Nutella
    Homemade Nutella
    Homemade Nutella
    Homemade Nutella

    Contact DailyLife.lk

    or drop an E-Mail to