ගෙදරදීම නටෙල්ලා අයිස් ක්‍රීම්...
හැමදාම අයිස් ක්‍රීම් කඩෙන් අරන් කන්නේ නැතුව ගෙදරදීම හදාගන්න ක්‍රමයක් මෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :
- බිත්තර - 02
- සීනි - 50g
- විපින් ක්‍රීම් - 250g
- නටෙල්ලා - 150g
- කොකෝවා පව්ඩර් - මේස හැඳි 01
- ඩාර්ක් චොක්ලට් - 70g
- වැනිලා - තේ හැඳි 01
සාදන ක්‍රමය:
- සීනි ටිකයි බිත්තර ටිකයි මද ගින්දරේ හොඳට ටිකක් වෙලා බීට් කර ගන්න.
- දැන් මේකට වැනිලා දාලා බීට් කරන්න.
- මේ බිත්තර මිශ්‍රණය නිමෙන්න වෙනමම බෝල් එකකට දාලා තියන්න.
- ඊළගට විපින් ක්‍රීම් ටික හොඳට බීට් කර ගන්න.
- දැන් මේකට නටෙල්ලා ටිකත් එකතු කරන්න.
- කොකෝවා පව්ඩර් ටික දාලා හොඳට කලවම් කර ගන්න.
- මේ නටෙල්ලා මිශ්‍රණය බිත්තරත් එක්ක කලවම් කර ගන්න.
- අන්තිමට ග්‍රේට් කර ගත්ත චොක්ලට් ටික දාගන්න.
- දැන් මේ අයිස් ක්‍රීම් ටික සෙට් වෙනකන් ශීතකරණයේ තියන්න.