නියුටෙලා චොක්ලට් කුකීස්

මේ රෙසිපි එක චොක්ලට් වලට කැමති ඔයාලටමයි. නියුටෙලා එක්ක චොක්ලට් රසට හැපෙන මේ කුකී එක ඔයාලගේ නත්තල් කෑම මේසෙට අමුතුම වෙනසක් එක් කරාවි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • නියුටෙලා - 180g
  • පාන් පිටි - 125g
  • කොකෝවා පව්ඩර් - 40g
  • බේකින් පව්ඩර් - තේ හැඳි 1/2
  • ලුනු - තේ හැඳි 1/2
  • ක්ෂණික කෝපි - තේ හැඳි 1/2
  • බටර් - 113g
  • දුඹුරු සීනි - 130g
  • බිත්තර - 01
  • වැනිලා - තේ හැඳි 01
  • චොක්ලට් - 60g

සාදන ක්‍රමය:

  • ඉස්සෙල්ලාම තේ හැන්දක් අරගෙන පොඩි පොඩි නියුටෙලා බෝල හදාගෙන පැයක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • දැන් පිටි, කොකෝවා පව්ඩර්, බේකින් පව්ඩර්, ලුනු හා ක්ෂණික කෝපි ටික එකට දාලා හොඳට කලවම් කර ගන්න.
  • බටර් ටිකයි සීනි ටිකයි එකට දාලා හොඳට ක්‍රීම් ගතිය එනකන් බීට් කර ගන්න.
  • දැන් බිත්තරේ දාලා බීට් කරන්න.
  • බිත්තරේ හොඳට කලවම් උනාට පස්සේ වැනිලා ටික දා ගන්න.
  • පිටි මිශ්රණේ ටික ටික දදා හොඳට බීට් කරන්න.
  • ඊළගට චොක්ලට් ටික දාලා පිටි ටිකත් එක්ක හොඳට කලවම් කර ගන්න.
  • දැන් මේ පිටි වලින් ටිකක් අරගෙන ඒක මැද්දට නියුටෙලා බෝලයක් තියලා හොඳට බෝලයක් විදිහට හදා ගන්න.
  • ඔක්කොම කුකීස් ටික හදලා ඉවර උනාට පස්සේ මේ ටික විනාඩි 15ක් විතර 180°C ක උෂ්ණත්වයක බේක් කර ගන්න.
  • දැන් මේ කුකීස් ටික නිමෙන්න තියලා සුළං වදින්නේ නැති භාජනයක අසුරා ගන්න.
Nutella Chocolate Cookies
Nutella Chocolate Cookies

Contact DailyLife.lk

or drop an E-Mail to