මේක නම් සුපිරිම කොත්තුවක්

සමහර අයට කොත්තු කියන්නේ කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑමක්. එක එක විදිහට හදන කොත්තු ජාති අතරේ නුඩ්ල්ස් කොත්තු කියන්නෙත් හරිම රස කොත්තු එකක්. රෑ කෑමකට වගේ නම් මේ කොත්තු එක නියමයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • නුඩ්ල්ස් - 200g
  • තලාගත්ත ඉඟුරු - අගලක කෑල්ලක්
  • තලාගත්ත සුදු ළුණු - බික් 05
  • කුරුදු පොතු ටිකක්
  • අමු මිරිස් - 02
  • තක්කාලි - 01
  • ලොකු ළුණු - 01
  • කරපිංචා
  • රස පදමට ලුනු
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 01
  • කෑලි මිරිස් - තේ හැඳි 01
  • කරාබු නැටි - 02
  • කැරට්
  • ලීක්ස්
  • ගෝවා
  • බිත්තර - 02
  • උයා ගත්ත කුකුල් මස් ටිකක්
  • පොල් තෙල් - මේස හැඳි 03
  • සාදන ක්‍රමය:

    • මුලින්ම පෑන් එකක තෙල් ටිකක් රත් කරලා ඒකට තලා ගත්ත ඉඟුරු සුදු ළුණුයි, කරාබු නැටි, කුරුදු පොතු ටිකයි දා ගන්න.
    • මේ ටික බැදෙනකොට කරපින්චයි, අමු මිරිසුයි, කපා ගත්ත ළුණුයි, තක්කාලි ටිකයි දා ගන්න.
    • ඊළගට කපා ගත්ත එළවළු ඔක්කොම ටික දා ගන්න.
    • එළවළු ටික හොඳට කලවම් කර ගත්තාට පස්සේ රස පදමට ලුනුයි, ගම්මිරිස් කුඩුයි, කෑලි මිරිස් ටිකයි දා ගන්න.
    • මේ මිශ්‍රණයට බිත්තර ටික එකතු කරන්න.
    • කලින් උයා ගත්ත කුකුල් මස් ටිකත් තරමක කෑලි වලට කඩලා මේකට දා ගන්න.
    • අන්තිමට තම්බලා වතුර පෙරා ගත්ත නුඩ්ල්ස් ටික මේ හදා ගත්ත මිශ්රණයත් එක්ක හොඳට කලවම් කරන්න. නුඩ්ල්ස් කලවම් කරද්දී මස් හොදිත් ටික ටික දදා කලවම් කරන්න. එතකොට මේ කොත්තු එක ගොඩක් රසයි.
    Noodles Kottu
    Closeup view of Noodles Kottu
    Noodles Kottu
    Noodles Kottu
    Noodles Kottu
    Top view of Noodles Kottu

    Contact DailyLife.lk

    or drop an E-Mail to