චොක්ලට් බිස්කට් කේක්

කේක් එකක් හදනවා කිව්වහම අපි හිතන් ඉන්නේ ටිකක් කරදර වැඩක් කියලනේ. හැබැයි මේ බේක් කරන්නේ නැතුව හදන චොක්ලට් බිස්කට් කේක් එක නම් ඔයාලට කිසි කරදරයක් නැතුව හරිම අඩු වෙලාවකින් හදා ගන්න පුළුවන්.

මේ කේක් එක හදනකොට වරදින්න තියන ඉඩ හරිම අඩුයි. ඉතින් ඔයාලා වැඩිය කේක් හදන්න දන්නේ නැති කෙනෙක් උනත් මේ කේක් එක හදා ගන්න පුළුවන්.

කජුයි, චොක්ලටුයි එක්ක හැපෙන බිස්කට් රසට ඔයාලගේ පවුලේ අය අනිවාර්යෙන්ම කැමති වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මාරි බිස්කට් - 150g
  • කජු - 100g
  • සීනි - 100g
  • කොකෝවා පව්ඩර් - 50g
  • වතුර - 100ml
  • බටර් - 75g
  • වැනිලා - තේ හැඳි 01
  • විපින් ක්‍රීම් පව්ඩර් - 30g
  • චොක්ලට් - 120g

සාදන ක්‍රමය:

  • මාරි බිස්කට් ටික පොඩි කෑලි වලට කඩලා බෝල් එකකට දාගන්න.
  • කජු ටිකත් පොඩි කෑලි වලට කඩා ගෙන ටිකක් වෙලා ලිපේ තියලා බැද ගන්න.
  • බැදගත්ත කජු ටික බිස්කට් එක්ක කලවම් කර ගන්න. කජු වලින් ටිකක් ඉතුරු කර ගන්න කේක් එක හැදුවට පස්සේ උඩට දාගන්න.
  • සීනි ටිකයි, කොකෝවා පව්ඩර් ටිකයි එකට දාලා කලවම් කරන්න.
  • මේකට වතුර ටික ටික දදා හොඳට කලවම් කරන්න.
  • කොකෝවා පව්ඩර් ටික වතුර එක්ක හොඳට දිය උනාට පස්සේ බටර් ටික දාගන්න.
  • දැන් මේක විනාඩි 07-08ක් විතර මද ගින්දරේ රත් කර ගන්න.
  • චොක්ලට් සිරප් එක හොඳට රත් උනාට පස්සේ විනාඩි 15ක් විතර මේක නිමෙන්න තියන්න.
  • නිමුනාට පස්සේ වැනිලා ටික දාල කලවම් කරන්න.
  • මේ චොක්ලට් සිරප් එක බිස්කට් වලට දාගෙන බිස්කට් ටික හොඳට චොක්ලට් සිරප් එකත් එක්ක කලවම් කරන්න.
  • චොක්ලට් සිරප් ටික හොඳට බිස්කට් ටිකත් එක්ක කලවම් උනාට පස්සේ මේක ඔයාලා කේක් එක හදා ගන්න භාජනේට දාලා හොඳට තද කර ගන්න.
  • දැන් විනාඩි 45ක් පැයක් විතර කේක් එක ෆ්‍රිජ් එකේ තියන්න.
  • මේ අතරතුරේදී කේක් එක උඩට දාන චොක්ලට් මිශ්‍රණය හදා ගන්න.
  • ඒකට විපින් ක්‍රීම් ටික භාජනෙකට දාලා ඒකටම වතුර ටිකකුත් දාලා කලවම් කරන්න. මෙතැනදී අපි අරන් තියන විපින් ක්‍රීම් 30g න් ඔයාලාට 60g ක විපින් ක්‍රීම් හදා ගන්න පුළුවන්.
  • ක්‍රීම් ටික උණු වෙන්න පටන් ගන්න මට්ටමට එනකන් රත් කරන්න.
  • රත් කර ගත්ත විපින් ක්‍රීම් ටික චොක්ලට් වලට දාලා ටිකක් වෙලා නිමෙන්න තියන්න.
  • විනාඩියක් විතර නිමුනාට පස්සේ චොක්ලට් ටික හොඳට දිය වෙනකන් කලවම් කර ගන්න.
  • දැන් මේ චොක්ලට් මිශ්‍රණය කේක් එක උඩට දාලා තුනී කර ගන්න.
  • කේක් එක අයෙත් පැය 03 - 04ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • කේක් එක හොඳට සෙට් උනාට පස්සේ එලියට අරගෙන උඩින් කජු ටිකක් ඉහලා කේක් එක තව ටිකක් ලස්සන කර ගන්න.
No Bake Chocolate Biscuit Cake
No Bake Chocolate Biscuit Cake
No Bake Chocolate Biscuit Cake
No Bake Chocolate Biscuit Cake

Contact DailyLife.lk

or drop an E-Mail to