රස ගුණ සපිරි බ්‍රව්නි

බේක් කරන්නේ නැතුව හදන මේ බ්‍රව්නි එක හදා ගන්න ලේසි බ්‍රව්නි එකක් විතරක් නෙමේ. මේක හරිම රස ඒ වගේම හරි ගුණ බ්‍රව්නි එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ආමන්ඩ් - 150g
  • රට ඉදි - 400g
  • කොකෝවා පවුඩර් - 60g
  • ඩාර්ක් චොක්ලට් - 20g
  • ලුනු - 02g
  • වැනිලා - 07g
  • පොල් තෙල් - මේස හැඳි 01
  • මතු පිට ඇතුරුම සදහා

  • කොකෝවා පවුඩර් - 30g
  • පැණි - කෝප්ප 1/4
  • පොල් තෙල් - මේස හැඳි 02
  • වැනිලා - තේ හැඳි 1/2
  • Method

    • ආමන්ඩ්, රට ඉදි, කොකෝවා පව්ඩර්, ඩාර්ක් චොක්ලට්, ලුනු, වැනිලා හා තෙල් හොඳට පොඩි වෙලා එකට ඇලෙන මට්ටමට එනකන් බ්ලෙන්ඩර් කර ගන්න.
    • දැන් මේ ටික බේකින් පෑන් එකකට දාලා මට්ටම් කර ගන්න.
    • පොඩි බෝල් එකක කොකෝවා පව්ඩර්, පැණි, තෙල් හා වැනිලා මිශ්‍ර කරන්න.
    • මේ ටිකත් බේකින් පෑන් එක උඩින් දාගෙන හොඳින් සමතලා කර ගන්න.
    • මේ බ්‍රව්නි එක හොඳට සෙට් වෙනකන් පැය දෙකක් විතර ශීතකරණයේ තියන්න.

    Contact DailyLife.lk

    or drop an E-Mail to