ගෙදරදීම රසට මස්කට්

ඔයාලා පැණි රස කෑම කන්න කැමති නම් අනිවාර්යෙන්ම ඔයා මස්කට් කන්නත් කැමති ඇති. මස්කට් හදා ගන්නත් එක එක විදිහවල් තියනවා. මේ තියෙන්නේ කොර්න් පිටි වලින් මස්කට් හදන විදිහ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කොර්න් පිටි - 150g
  • වතුර - 250ml
  • සීනි - 400g
  • වතුර - 500ml
  • ගී / දිය කර ගත්ත බටර් - මේස හැඳි 08
  • කරදමුංගු - තේ හැඳි 1/2
  • ෆුඩ් කලරින්
  • පොඩියට කපා ගත්ත කජු - 100g
  • ලුනු - තේ හැඳි ½
  • සාදන ක්‍රමය:

  • මුලින්ම කොර්න් පිටි ටික වතුරත් එක්ක හොඳට කැටි හිටින්නේ නැති වෙන්න දිය කර ගන්න.
  • ඊළගට පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනියි වතුරයි දාලා සීනි ටික හොඳට වතුරත් එක්ක මද ගින්දරේ දිය කර ගන්න.
  • සීනි ටික හොඳටම දිය උනහම අපිට පුළුවන් මේකට කරදමුංගු කුඩු ටිකයි ඔයාලගේ රස පදමට ලුනු ටිකකුයි දා ගන්න.
  • මේ සීනි මිශ්‍රණය හොඳට රත් වෙලා වටෙන් බුබුළු දාගෙන එනකොට මේකට අපි කලින් දිය කර ගත්ත කොර්න් පිටි ටික දා ගන්න. කොර්න් පිටි ටික සීනි එකට දා ගන්න කලින් ආයෙත් පාරක් හොඳට කලවම් කරලා අර ගන්න.
  • කොර්න් පිටි ටික දා ගත්ත වෙලේ ඉදන්ම අපි මේක මද ගින්දරේ එක දිගට හැඳි ගාන්න ඕනේ. අපි මේක දිගටම හැඳි ගෑවේ නැත්නම් එහෙම කොර්න් පිටි එක වෙන වෙනම තම්බිලා කැටි හැදෙනවා.
  • මිශ්‍රණය ටිකක් උකු උනහම මේකට දිය කර ගත්ත බටර් ටිකෙන් ටික දාලා කලවම් කර ගන්න.
  • ඊළගට ඔයාලට පුළුවන් ඔයාලට කැමති පාටක කලරින් ටිකක් මේකට එකතු කර ගන්න.
  • මස්කට් මිශ්‍රණය එක ගුලියක් වගේ වෙලා භාජනයේ ඇලෙන්නේ නැති මට්ටමට ආවහම පොඩියට කපා ගත්ත කජු ටික මේකට දාලා කලවම් කර ගන්න.
  • දැන් මේ මස්කට් මිශ්‍රණය බටර් ගාලා ලෑස්ති කර ගත්ත තැටියකට දාලා හොඳටම නිමෙනකන් පැය තුන හතරක් විතර තියලා තියන්න.
  • මස්කට් එක නිමෙනකොට මේක තව ටිකක් හයි වෙලා හොඳට සෙට් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේක තැටියෙන් අයින් කරලා කෑලි වලට කපා ගන්න.
  • Muskat
    Muskat
    Muskat

    Contact DailyLife.lk

    or drop an E-Mail to