රසට මෙලෙකට මුං කැවුම්
මුං කැවුම් එහෙමත් නැතිනම් මුං ඇට කැවුම් කියලා කියන්නේ අවුරුදු කාලෙට හදන තවත් සම්ප්‍රදායික කෑම වර්ගයක්. නිවැරදි ආකාරයට මුං ඇට පිටි මිශ්‍රණයක් සාදා ගත්තොත් හදන්න ඉතාමත් පහසු ආහාරයක් තමයි මං ඇට කැවුම්. ඔයාලත් ගෙදරදි මේ විදිහට මුං ඇට කැවුම් හදලා බලන්නකෝ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බැදගත් මුං ඇට පිටි - 250 g
- හාල් පිටි - 250 g ( බැටර් එක සාදා ගැනීම සඳහා)
- හාල් පිටි - 200 g ( මුං ඇට පිටි සමඟ මිශ්‍ර කිරීමට)
- හාල් පිටි - 200 g (උඩට ඉසීමට)
- පාන් පිටි- 100 g
- සීනි - 250 g
- පොල් පැණි කෝප්ප ½
- බිත්තර 01
- ලුණු තේ හැඳි 02
- පොල් කිරි කෝප්ප 02
- ගැඹුරු තෙලේ බැඳ ගැනීමට අවශ්‍ය තෙල්
සාදන ආකාරය:
- බැටර් එක සාදා ගැනීම සඳහා අවශ්‍ය හාල්පිටි මිනිත්තු 03 පමණ බැදගන්න.
- මුං ඇට පිටි සමඟ කළවම් කිරීමට අවශ්‍ය හාල්පිටි මිනිත්තු 02 පමණ බැදගන්න.
- පත් පැණි සාදා ගැනීම සඳහා සීනි ස්වල්පයක් තාච්චියකට දමා අඩු ගින්දරේ රත් වෙන්න හරින්න. නොනවත්වා හැඳි ගාන්න.
- සීනි තද දුඹුරු පැහැ ගැන්වුවාට පසු උණු වතුර කෝප්පයක් එයට එක් කරන්න.
- ඉතුරු සීනි ටික ද එයට එක්කර ලුණු තේ හැන්දක් සහ වතුර කෝප්පයකට එක් කරන්න.
- සීනි දියවනතුරු අඩු ගින්දරේ හොඳින් හැඳිගාමින් පිසගන්න.
- නියම පදම ඇවිත් දැයි බලා ගැනීම සඳහා හැන්දට මිශ්‍රණයෙන් ටිකක් අරගෙන එය ඉහළ සිට පහළට වත් කරන්න. ගණ නූලක් සේ එය පහලට වැටෙනවා නම් නියම පදම ඇවිත් තිබෙනවා.
- මිශ්‍රණයෙන් කොටසක් කෝප්පයකට ගෙන පසෙකින් තබාගන්න.
- ඉතිරි මිශ්‍රණයට පොල් පැණි එකතු කර මිනිත්තු 01 - 02 පිසගන්න.
- මිශ්‍රණයට බැඳගත් මුං ඇට පිටි එකතු කරන්න.
- හාල්පිටි ද එක්කරමින් හොඳින් මිශ්‍ර කරගන්න.
- පාන් පිටි එක් කර එය හොඳින් මිශ්‍ර කරන්න.
- මිශ්‍රනය නියමාකාරයට පැමිණ ඇත්දැයි බැලීමට ඇඟිලි තුඩුවලින් එය ගුලි කර බලන්න. එය ඇඟිලිවල නොඇලේ නම් නියම පදම ඇවිත් තිබෙනවා.
- බන්දේසියක් ගෙන බැදගත් හාල් පිටි එහි අතුරන්න.
- මිශ්‍රනය බන්දේසිය මත දමා ගන්න.
- බන්දේසිය මත මිශ්‍රණය තුනී කර එය මතුපිටට බැදගත් හාල් පිටි ඉසින්න.
- Diamond හැඩයට කැවුම් කපාගන්න.
- බැටර් එක සාදා ගැනීම සඳහා බිත්තරයක් එයට ලුණු කුඩු ස්වල්පයක් සහ පොල් කිරි එකතු කර මිශ්‍ර කරගන්න.
- මෙයට හාල්පිටි ටිකෙන් ටික එකතු කරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න. මේ සදහා පාන් පිටි ස්වල්පයක් ද ඔබට එක් කරන්නට පුළුවන් වෙනවා.
- මේ ආකාරයට ඝනකම් බැටර් එකක් සාදාගන්න.
- සමහරු මේ බැටර් එක සඳහා කහ කුඩු ද එක් කරනවා. එයින් කැවුම් සඳහා අතිරේක ලස්සනක් ගෙන දෙනවා. ඔබටත් අවශ්‍ය නම් බැටර් එකට කහ කුඩු තේ හැන්දක් එක් කරන්න.
- තාචිචියකට තෙල් දමා තෙල් ටික හොඳින් රත් කර ගන්න./li>
- තෙල් රත් වූවාට පසු කපාගත් කැවුම් බැටර් එකේ පොඟවා තෙල් තාච්චියට දමන්න.
- කැවුම් රන්වන් පාටට බැදුන පසු තෙල් තාච්චියෙන් ඉවතට ගෙන ටිෂූ එකක් මතට හෝ වට්ටියකට දමාගන්න.
- මේ ආකාරයට සියලුම කැවුම් බැදගන්න. නිවුණ පසු සුළං නොවදින භාජනයක අසුරා තබන්න.







Other kitchen articles

ගමේ රසට ඌරු මස්
Sun, 23rd Feb 2025
ගෙදර හදපු වොන්ඩර් බාර් අයිස් ක්‍රීම්
Sat, 25th Jan 2025
මේක පීසා එකක් නම් නෙමේ
Sun, 12th Jan 2025
ගෙදර හදපු නියුටෙලා
Wed, 1st Jan 2025
ස්ට්‍රෝබෙරි ජෑම්
Thu, 12th Dec 2024
ආස නැද්ද මේ විදිහට බීට් රූට් කන්න
Sat, 30th Nov 2024
වෙනස් විදිහේ බිත්තර රයිස් එකක්
Sat, 30th Nov 2024