රස ගුණ පිරි මුකුණුවැන්න සම්බෝල
මුකුණුවැන්න වලින් හදා ගන්න පුළුවන් රස වගේම තවත් ගුණම ගුණ කෑමක් තමයි මුකුණුවැන්න සම්බෝල.
අවශ්‍ය ද්‍රව්‍ය:
- මෝරපු නැති මුකුණුවැන්න මිටි - 1/2
- ගා ගත්ත පොල් - කෝප්ප 1/2
- ලුනු - තේ හැඳි 01
- රතු ළුණු - 10
- අමු මිරිස් - 01
- උම්බලකඩ - තේ හැඳි 01
- තක්කාලි - 01
- ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
සාදන ක්‍රමය:
- මුකුණුවැන්න ටික සෝදලා අරගෙන හීනියට කපා ගන්න. මේ සම්බෝලේට අරගන්න ඕනේ මෝරපු නැති දළු වගේ මුකුණුවැන්න.
- ඊළගට කපා ගත්ත අමු මිරිස්, ළුණු හා උම්බලකඩ ටික දාගන්න.
- ලුනු හා ගම්මිරිස් කුඩු ටික දාලා ටිකක් කලවම් කරන්න.
- අන්තිමට කපාගත්ත තක්කාලි ටිකයි පොල් ටිකයි දාලා හොඳට කලවම් කරන්න.
- රස ගුණ පිරි මුකුණුවැන්න සම්බෝලේ දැන් ලෑස්තියි.