රස වගේම ගුණ මුකුණුවැන්න පරිප්පුත් එක්ක හදමු

මුකුණුවැන්න කියන්නේ හරිම ගුණදායක කෑමක්. මුකුණුවැන්න කෑවහම ලස්සන වෙනවා. හොඳට කොන්ඩේ වැවෙනවා. ඇස් පෙනීම වැඩි වෙනවා. මුකුණුවැන්න කොහොම හැදුවත් හරිම රසයි. මේ තියෙන්නේ මුකුණුවැන්න පරිප්පුත් එක්ක කිරට උයන විදිහ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මුකුණුවැන්න මිටියක්
  • මයිසූර් පරිප්පු - 100g
  • රතු ළුණු - 08-10
  • සුදු ළුණු - බික් 03
  • අමු මිරිස් - 03
  • කරපිංචා
  • රම්පේ
  • උම්බලකඩ - තේ හැඳි 01
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • මිරිස් කුඩු - තේ හැඳි 01
  • තුනපහ කුඩු - තේ හැඳි 1 1/2
  • උළු හාල් - තේ හැඳි 1/2
  • ලුනු - තේ හැඳි 01
  • මිටි කිරි - කෝප්ප 01

සාදන ක්‍රමය:

  • මුකුණුවැන්න ටික හොඳට සෝදලා අරගෙන ටිකක් පොඩියට කපා ගන්න.
  • දැන් මේකට පරිප්පු ටික දා ගන්න.
  • රම්පේ, උම්බලකඩ, රතු ළුණු, සුදු ළුණු, අමු මිරිස් හා කරපිංචා ටික එකතු කර ගන්න.
  • මිටි කිරි ටික දාලා ටිකක් කලවම් කර ගන්න.
  • මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුනු, උළු හාල්, කහ කුඩු ටික දාලා මේ ටික හොඳට කලවම් කරන්න.
  • දැන් මේක ලිපේ තියලා සැරින් සැරේ හැඳි ගාන ගමන් ටිකක් වෙලා උයා ගන්න.
Mukunuwenna Leaves
Closeup view of Mukunuwenna Curry
Mukunuwenna Curry with Dhal
Side View of Mukunuwenna Curry
Mukunuwenna Curry with Dhal

Contact DailyLife.lk

or drop an E-Mail to