දැක්ක ගමන් කන්න හිතෙන කේක් එකක් හදමු

මිරර් ග්ලේස් කේක් එකක් කියන්නේ ඉතින් දැක්ක ගමන් කටට කෙල උනන කේක් එකක්. මේ කේක් එක හදන්න ටිකක් වැඩ වැඩි උනාට කේක් එක හදලා ඉවර උනාට පස්සේ නම් ඔයාලට ඔයාලා ගැනම හරිම ආඩම්බර හිතෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය: පළමු අදියර

  • ස්ට්‍රෝබෙරි ජෑම් - 350g
  • බටර් කේක් හෝ යෙලෝ කේක් - 1kg
  • අවශ්‍ය ද්‍රව්‍ය: වයිට් චොක්ලට් මුස්

  • වයිට් චොක්ලට් - 200g
  • විපින් ක්‍රීම් - 300ml
  • අවශ්‍ය ද්‍රව්‍ය: මිරර් ග්ලේස්

  • වතුර - 300ml
  • සීනි - 250g
  • ටින් කිරි - 390g
  • ජෙලටින් - 20g
  • වයිට් චොක්ලට් - 250g
  • ෆුඩ් කලරින්
  • සාදන ක්‍රමය:

    • කේක් එකට අර ගත්ත බටර් කේක් එක හරහට මැදින් කපලා කොටස් දෙකකට වෙන් කර ගන්න.
    • පැතලි පෑන් එකක් අරගෙන ඒකට ජෑම් ටික දාලා සමතලා කර ගන්න. මේ ජෑම් ටික උඩින් කපා ගත්ත එක කේක් කොටසක් තියා ගන්න. දැන් මේ කේක් එක ජෑම් ටිකත් එක්ක සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.
    • වයිට් චොක්ලට් මුස් එක හදා ගන්න මුලින්ම වයිට් චොක්ලට් ටික විපින් ක්‍රීම් ටිකක් එක්ක දිය කර ගන්න.
    • දැන් වෙනමම බෝල් එකක ඉතුර විපින් ක්‍රීම් ටික හොඳට පීක්ස් එනකන් බීට් කර ගන්න. විපින් ක්‍රීම් බීට් කරද්දී ඒකට අර ගන්න බෝල් එකයි බීටර් එකේ කෑලි ටිකයි ටිකක් වෙලා ෆ්‍රීසර් එකේ තියලා අර ගන්න. එතකොට විපින් ක්‍රීම් ටික හොඳ ලස්සනට බීට් කර ගන්න ලේසියි.
    • විපින් ක්‍රීම් ටික හොඳට බීට් උනාට පස්සේ දිය කර ගත්ත චොක්ලට් ටික මේකට දාලා හොඳට කලවම් කර ගන්න.
    • දැන් සිලිකන් බේකින් මෝල්ඩ් එකක් අරගෙන එකේ යටට බීට් කර ගත්ත විපින් ක්‍රීම් ලේයර් එකක් දා ගන්න. මේකට අර ගන්න ඕනේ ඔයාලගේ කේක් එකට වඩා ටිකක් පළල මෝල්ඩ් එකක්.
    • දැන් කලින් ජෑම් එක්ක හදා ගත්ත කේක් එක මේ විපින් ක්‍රීම් මැද්දෙන් තියලා තවත් විපින් ක්‍රීම් ලේයර් එකක් මේ කේක් එක වැහෙන්නම තියා ගන්න. ජෑම් තියන පැත්ත යටට හිටින්න තිබ්බහම තමයි මේ කේක් එක ලස්සන වෙන්නේ.
    • ඊළගට ඉතුරු කේක් කොටස මේ විපින් ක්‍රීම් ටික උඩින් තියලා ඒ කේක් එකත් ඉතුරු විපින් ක්‍රීම් ටිකෙන් හොඳටම කවර් කරලා විපින් ක්‍රීම් ටික හොඳට සෙට් වෙනකන් මේ කේක් එක රැයක් එලි වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.
    • මිරර් ග්ලේස් එක හදා ගන්න මුලින්ම ජෙලටින් ටික මද රස්නේ උණු වතුරත් එක්ක කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
    • දැන් වෙනමම භාජනයක ටින් කිරි ටිකයි, සීනියි, වතුරයි එකට දාලා බුබුළු එනකන් ටිකක් උණු කර ගන්න. රත් උණු කිරි ටික ලිපෙන් අරගෙන ඒකට කලින් දිය කර ගත්ත ජෙලටින් ටික දාලා කලවම් කරන්න.
    • දැන් මේ මිශ්‍රණය ඔක්කොම වයිට් චොක්ලට් ටිකට දාලා චොක්ලට් ටික මේ මිශ්‍රනයත් එක්ක හොඳට දිය කර ගන්න.
    • දැන් මේ මිශ්‍රණයේ තියන වාත බුබුළු ටිකයි දිය උනේ නැති චොක්ලට් කෑලි ටිකයි අයින් කර ගන්න මේ මිශ්‍රණය පෙරා ගන්න.
    • පෙරා ගත්ත මිශ්‍රණය කොටස් තුනකට වෙන් කර ගෙන එක කොටසකට රතු පාටයි අනිත් කොටසට කොළ පාටයි මිශ්‍ර කර ගන්න. අනිත් කොටසට කලරින් දාන්න එපා. දැන් මේ සුදු පාට මිශ්‍රණයට රතු පාටින් ටිකකුයි, කොළ පාටින් ටිකකුයි දාලා පොඩ්ඩක් ලාවට කලවම් කර ගන්න. මේකට ඔයාලා කැමති විදිහට පාට අර ගන්න.
    • හොඳට සෙට් උන කේක් එක මෝල්ඩ් එකෙන් ගලවලා අරගෙන ටිකක් උස රැක් එකක් උඩ තියලා හදා ගත්ත මිරර් ග්ලේස් එක කේක් එක සම්පුර්ණයෙන්ම වහෙනකන් ඔයාලාට කැමති විදිහට කේක් එක උඩින් වක්කර ගන්න.
    • දැන් කේක් එක තව ටිකක් සෙට් වෙනකන් ටිකක් වෙලා ෆ්‍රිජ් එකේ තියන්න.
    Mirror Glaze Cake
    Mirror Glaze Cake
    Mirror Glaze Cake
    Mirror Glaze Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to