Milkmaid වලින් කිරි ටොෆී

කිරිටොෆි කියන්නේ ශ්‍රී ලාංකික කා අතරත් ඉතාම ජනප්‍රිය රසවත් ආහාරයක්. මිල්ක් මේඩ් ටින් එකකින් කිරිටොෆි හදා ගන්න එක හරිම පහසු දෙයක්. ඔයාලත් ගෙදරදි උත්සාහ කරලා බලන්නකෝ මේ විදියට.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මිල්ක් මේඩ් ටින් 01
  • වතුර ටින් ½
  • සීනි 500 g
  • බටර් හෝ මාගරින් මේස හැඳි 01
  • වැනිලා තේ හැඳි 01
  • කුඩාවට කපාගත් කජූ 50 g

සාදන ආකාරය:

  • භාජනයකට මිල්ක්මේඩ් කිරි ටික දමාගන්න.
  • එම භාජනයටම වතුර ටින් භාගයක් එකතු කර හොදින් කලවම් කරගන්න.
  • සීනි එකතු කරන්න.
  • මිල්ක්මේඩ් , සීනි , වතුර හොඳින් මිශ්‍ර වන සේ කලවම් කරන්න.
  • නොනවත්වා හැඳි ගාමින් මද ගින්නේ රත් කරන්න.
  • වැනිලා සහ කජු එකතු කරන්න.
  • Nonstick තැටියකට දමා ගනිමින් ඝන වීමට ප්‍රථම අවශ්‍ය හැඩයකට කෑලි කපාගන්න.
  • මිශ්‍රණය නිවී ඝන වන තුරු ඒ ආකාරයෙන්ම තබා ගන්න.
  • සුළං නොවදින භාජනයක අසුරා තබන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to