නියම රසට කිරිබත් හදමු
ලංකාවේ අපි හරිම අසාවෙන් කන්න කැමති දෙයක් තමයි මේ කිරිබත්. ගොඩක්ම උදේ කෑම වෙලාවට හදන කිරිබත් සුභ කටයුත්තකදිනම් වරදින්නෙම නැහැ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කැකුළු හාල් - 400g
- උකු පොල් කිරි කෝප්ප - 02 1/2 , 03
- ලුනු - තේ හැඳි 02
- වතුර කෝප්ප - 03/04
සාදන ක්‍රමය:
- කැකුළු හාල් ටික හොඳට සෝදලා අරගෙන කිරිබත් උයන භාජනයට දා ගන්න.
- මේ හාල් ටික වැහෙන මට්ටමට එනකන් වතුර දාලා බත් උයන විදිහටම මේ කැකුළු හාල් ටික උයා ගන්න.
- මේ අතරේදී පොල් කිරි ටිකත් එක්ක ලුනු ටික කලවම් කර ගන්න.
- කැකුළු හාල් ටික හොඳට ඉදුනාට පස්සේ මේකට පොල් කිරි ටික දාන්න.
- පොල් කිරි ටික දාලා හොඳට කලවම් කරලා මද ගින්දරේ කිරිබත් ටික උයා ගන්න.
- මේ කිරිබත් ටික ලිපෙන් බා ගන්න කන්ම සැරින් සැරේ හොඳට හැඳි ගාන්න. නැත්නම් මේක අඩිය අල්ලනවා.
- කිරි ටික ඔක්කොම හිදිලා කිරිබත් ටික ගුලි වෙන මට්ටමට ආවහම මේක ලිපෙන් බා ගන්න.
- දැන් මේ කිරිබත් ටික ලෑල්ලකට හරි ට්‍රේ එකකට හරි තුනී කරලා කෑලි වලට කපා ගන්න.