මාෂ්මෙලෝ හදන ලේසිම විදිහ

ඔන්න දැන් ඔයාලට තවත් නම් මාෂ්මෙලෝ කඩෙන් ගන්න ඕනේ නෑ. මේ තියෙන්නේ පුළුන් වගේ සොෆ්ට් එකට මාෂ්මෙලෝ ගෙදරදීම හදා ගන්න ලේසි විදිහ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ජෙලටින් - 30g
  • සීනි - 250g
  • මද රස්නේ උණු වතුර - 100ml
  • ඇල් වතුර - 150ml
  • ෆුඩ් කලරින්
  • කෝර්න් පිටි

සාදන ක්‍රමය:

  • ජෙලටින් ටික මද රස්නේ උණු වතුර ටිකත් එක්ක හොඳට දිය කරලා පැත්තකින් තියා ගන්න.
  • භාජනයක් ලිපේ තියලා ඒකට සීනියි, ඇල් වතුර ටිකයි දා ගන්න.
  • සීනි ටික පදමට එනකන් මද ගින්දරේ දිගටම හැඳි ගාන ගමන් සීනි ටික උණු කර ගන්න.
  • හැන්දට පැණි ටිකක් අරන් වක් කලහම නූලක් වගේ පහලට ඇදෙන මට්ටමට එනකන් මේ සීනි ටික උණු කරන්න.
  • සීනි ටික පදමට ආවහම ලිප ඕෆ් කරලා කලින් දිය කර ගත්ත ජෙලටින් ටික දාලා හොඳට කලවම් කරන්න. ජෙලටින් ටික හොඳට කලවම් උනාට පස්සේ මේ ටික වෙනමම භාජනයකට දාලා විනාඩි 6ක් 7ක් විතර නිමෙන්න තියන්න.
  • ඊළගට මේ මිශ්‍රණය හොඳට බීට් කර ගන්න. මුලින්ම බීටර් එක සාමාන්‍ය වේගයකට දාලා බීට් කරන්න. එතකොට මේ මිශ්‍රණය පාට වෙනස් වෙලා හොඳට සුදු පාට වෙලා එනවා. මේ වෙලාවේදී බීටර් එකේ වේගය උපරිමයට දාලා විනාඩි 7ක් 8ක් විතර නොනවත්වා දිගටම බීට් කරන්න. මිශ්‍රණය පදමට එනකොට ටිකක් ඝන වෙනවා.
  • දැන් මේ මිශ්‍රණයෙන් භාගයක් බටර් ගාගත්ත තැටියකට දා ගන්න. මිශ්රණයේ ඉතුරු ටිකට ඔයාලා කැමති පාටකින් කලරින් බින්දු ටිකක් දාලා කලවම් කරලා ඒ ටිකත් මේ තැටියටම දා ගන්න.
  • මිශ්‍රණය හොඳට සෙට් වෙනකන් පැයක් විතර තියලා තියන්න.
  • මාෂ්මෙලෝ එක හොඳටම සෙට් උනහම ඒක උඩට හොඳට කොර්න් පිටි ටිකක් ඉහ ගන්න. මාෂ්මෙලෝ එක කපන පිහියෙත් හොඳට කොර්න් පිටි ගා ගන්න. එතකොට මාෂ්මෙලෝ පිහියේ ඇලෙන්නේ නැතුව ලේසියෙන් කපා ගන්න පුළුවන්.
  • දැන් හෙමින් සැරේ මේ මාෂ්මෙලෝ ටික කෑලි වලට කපා ගන්න. මතක ඇතුව කපා ගන්න හැම මාෂ්මෙලෝ කෑල්ලකම හොඳට කෝර්න් පිටි තවරන්න. නැත්නම් මේ මාෂ්මෙලෝ කෑලි එකට ඇලෙනවා.
  • දැන් ඉතින් සුළං වදින්නේ නැති භාජනයකට මේ ටික අසුරා ගන්න.
  • ඔයාලට මේ විදිහට පොඩ්ඩක්වත් වරදින්නේ නැතුව රසම රස මාෂ්මෙලෝ ටිකක් ගෙදරදීම හදා ගන්න පුළුවන්.
Marshmallow
Marshmallow
Marshmallow
Marshmallow
Marshmallow

Contact DailyLife.lk

or drop an E-Mail to