මාමයිට් බීමක් හදමු

මාමයිට් කියන්නේ පුදුම ආහාරයක්. සමහර අය මාමයිට් වලට හරිම කැමතියි. හැබැයි සමහර අයට නම් මාමයිට් පෙන්නන්න බෑ . සාමාන්‍යයෙන් අපි රොටී , බිස්කට් , ආප්ප , වැනි දෑ සමග මාමයිට් කන්න පුරුදු වෙලා සිටිනවා. මාමයිට් පානය ඉතාමත් රසවත් එකක්. අද අපි මේ සුපිරි පානය ගෙදරදිම හදාගෙන බීලා බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මාමයිට් තේ හැඳි 01
  • දෙහි යුෂ තේ හැඳි 01
  • රතුලූනු ගෙඩි 01 - 02
  • උණු වතුර කෝප්ප 01
  • කරපිංචා කොළ කිහිපයක්
  • රස පදමට ලුණු
  • අමුමිරිස් කරලක්

සාදන ආකාරය:

  • රතු ලූනු ගෙඩි සිහින්ව ලියාගන්න.
  • Mug එකක් ගෙන එයට මාමයිට් දමා කලවම් කරගන්න. ( ඔබ ප්‍රථම වරට මාමයිට් පානය කරන කෙනෙකු නම් මාමයිට් මේස හැඳි භාගයක් වතුර කෝප්ප භාගයක් මේ සදහා යොදාගන්න)
  • ලියාගත් රතුලූනු සහ කරපිංචා කොළ එකතු කරන්න.
  • දෙහි යුෂ හා රස අනුව ලුණු එකතු කරන්න.
  • ඔබ ටිකක් සැරට කැමති නම් සිහින් ව ලියා ගත් කුඩා ප්‍රමාණයේ අමුමිරිස් කරලක් එකතු කරන්න. (මතක තබාගන්න අමුමිරිස් වැඩි උනොත් දැවිල්ල ගන්නවා)
  • සාදාගත් මාමයිට් මිශ්‍රණය පිරිසකින් වසා මිනිත්තු 01 - 02 තැම්බෙන්නට හරින්න.
  • වෙනත් කෝප්පයකට මාමයිට් පෙරා ගන්න.
  • උණු උණුවෙම පිළිගන්වන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to