ලාබයි රසයි මාරි බිස්කට් පුඩිං

මාරි බිස්කට් පුඩිං කියන්නේ අපේ රටටම ආවේණික වෙච්ච රසම රස ඩෙසර්ට් එකක්. හරිම පොඩි දේවල් ටිකකින් හරිම ලේසියෙන් මේ ඩෙසර්ට් එක අපිට හදා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේකට අයිසිං ගොඩක් දාලා තියන හින්දා සමහර අයට නම් මේක ගොඩක් පැණි රස වැඩි වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය: බිස්කට් පුඩිං

  • මාරි බිස්කට් - 350g
  • මාගරින් - 120g
  • අයිසින් සීනි - 260g
  • කිරි - කෝප්ප 1 1/2
  • කොකෝවා පවුඩර් - මේස හැඳි 2 1/2
  • වැනිලා - තේ හැඳි 01
  • ක්ෂණික කෝපි - තේ හැඳි 01

අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් මිශ්‍රණය

  • ඩාර්ක් චොක්ලට් - 300g
  • මාගරින් - 100g

සාදන ක්‍රමය:

  • කෝපි දාලා කිරි එක ටිකක් උණු කර ගන්න. උණු උනාට පස්සේ කිරි ටික වෙනමම භාජනයකට දාලා හොඳටම නිමෙන්න තියන්න.
  • අයිසිං සීනි ටික හොඳට හලා ගන්න. හලා ගත්ත අයිසින් සීනි ටිකට මාගරින් ටික දාලා ක්‍රීම් වෙනකන් බීට් කරන්න.
  • දැන් වැනිලා ටිකයි කොකෝවා පවුඩර් ටිකයි දාලා කලවම් කරන්න.
  • පුඩිං එක හදා ගන්න භාජනේ අරගෙන ඒකෙ යටටම හදා ගත්ත අයිසිං එකෙන් ටිකක් ගා ගන්න.
  • ඊළගට මාරි බිස්කට් එකින් එක කිරි වල පොගවලා බෝල් එකෙන් තියා ගන්න. මේ වෙලාවේදී කිරි ටික හොඳටම නිමිලා තියෙන්න ඕනේ. නැත්නම් අයිසිං ටික දිය වෙනවා.
  • දැන් මේ බිස්කට් ටිකට උඩින් ආයෙත් අයිසිං තට්ටුවක් දා ගන්න. ආයෙත් අයිසිං වල‍ට උඩින් බිස්කට් තියා ගන්න. මේ විදිහට ඔයාලා හදා ගත්ත අයිසිං ටිකයි බිස්කට් ටිකයි ඉවර වෙනකන් ලේයර්ස් හදා ගන්න.
  • චොක්ලට් ටිකයි මාගරින් ටිකයි එකට දිය කරලා චොක්ලට් මිශ්‍රණය හදා ගන්න. දැන් මේ චොක්ලට් මිශ්‍රණය පුඩින් එක උඩින් දා ගන්න.
  • මේ පුඩින් එක හොඳටම සෙට් වෙන්න පැය 4ක් 5ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • පුඩින් එක හොඳට සෙට් උනාට පස්සේ කෑලි කපලා අරගෙන රස විදින්න.
Marie Biscuit Pudding
Marie Biscuit Pudding
Marie Biscuit Pudding

Contact DailyLife.lk

or drop an E-Mail to