මාරි බිස්කට් වලින් රස පුඩිං එකක්

මාරි බිස්කට් වලින් හදන්න පුළුවන් තවත් රසම රස පුඩිං එකක් තමයි මාරි බිස්කට් පුඩිං එක. ඕනෙම කෙනෙක්ට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් මේ පුඩිං එක හරිම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සම්පුර්ණ යොදය සහිත නැවුම් කිරි - 500ml
  • විපින් ක්‍රීම් - 250ml
  • මාරි බිස්කට් - 20
  • සීනි - 200g
  • කෝර්න් පිටි - 15g
  • කස්ටඩ් පවුඩර් - 70g
  • වැනිලා - තේ හැඳි 1/2
  • ජෙලටින් - මේස හැඳි 02
  • මද රස්නේ උණු වතුර - මේස හැඳි 03
  • ග්‍රේට් කර ගත්ත චොක්ලට්

සාදන ක්‍රමය:

  • මද රස්නේ වතුරත් එක්ක ජෙලටින් ටික හොඳට දිය කරලා පැත්තකින් තියා ගන්න.
  • පුඩිං එකට ඕනේ බිස්කට් ටික හොඳට පිටි වගේ වෙනකන් කුඩු කර ගන්න.
  • ලොකු පෑන් එකක කිරි ටිකයි, විපින් ක්‍රීම් ටිකයි කුඩු කර ගත්ත බිස්කට් ටිකයි හොඳට කලවම් කර ගන්න.
  • මේකටම සීනියි, කෝර්න් පිටි ටිකයි, වැනිලායි, කස්ටර්ඩ් පවුඩර් ටිකයි දාලා හොඳට දිය කර ගන්න.
  • දැන් මේ භාජනේ ලිපේ තියලා මිශ්‍රණය ටිකක් ඝනකම් වෙනකන් මද ගින්දරේ දිගටම හැඳි ගාන ගමන් රත් කරන්න.
  • මිශ්‍රණය ටිකක් උකු උනහම ලිප ඔෆ් කරලා මේකත් එක්ක දිය කරගත්ත ජෙලටින් ටික දිය කර ගන්න.
  • මේ මිශ්‍රණය පුඩිං එක දාන භාජනයට දාලා හොඳටම නිමෙන්න තියන්න.
  • පුඩිං මිශ්‍රණය හොඳටම නිමුනාට පස්සේ පුඩිං එක සෙට් වෙනකන් පැය 6-7 විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • පුඩිං එක හොඳට සෙට් උනහම පුඩිං එක උඩින් ග්‍රේට් කර ගත්ත චොක්ලට් ටිකක් දාලා ලස්සන කර ගන්න.
Marie Biscuit Custard Pudding
Marie Biscuit Custard Pudding
Marie Biscuit Custard Pudding
Marie Biscuit Custard Pudding
Marie Biscuit Custard Pudding

Contact DailyLife.lk

or drop an E-Mail to