පාට පාට මාබල් කේක්
හැමදාම ගෙදර කේක් හදනකොට එකම විදිහට බටර් කේක් හදන්නේ නැතුව මේ විදිහේ පාට පාට මාබල් කේක් එකක් හදලා බලමුද?
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි - 250g
- සීනි - 250g
- මාගරින් - 250g
- බිත්තර - 04
- කිරි කෝප්ප - ¼
- බේකින් සෝඩා - තේ හැඳි 02
- වැනිලා - තේ හැඳි 01
- ෆුඩ් කලරින් පාට 03 න්
සාදන ක්‍රමය:
- බේකින් පව්ඩර් ටිකයි පිටි ටිකයි එකට කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
- මාගරින් ටිකයි සීනි ටිකයිත් හොඳට ක්‍රීම් ගතිය එනකන් බීට් කර ගන්න.
- මාගරින් ටික හොඳට බීට් උනාට පස්සේ මේකට බිත්තර එක එක දදා බීට් කරන්න.
- දැන් පිටි ටික ටික දදා මාගරින් ටිකත් එක්ක හොඳට කලවම් කර ගන්න.
- ඊළගට කිරි ටිකයි වැනිලා ටිකයි එකතු කර ගන්න.
- මේ බටර් කේක් බැටර් එක හරියටම සමාන කොටස් 04ට බෙදලා වෙනමම භාජන වලට දා ගන්න.
- අපි අර ගත්ත පාට පාට ෆුඩ් කලරින් මේ වෙන් කර ගත්ත බැටර් එකට වෙන වෙනම කලවම් කර ගන්න.
- දැන් පොඩි හැන්දක් අරගෙන මාරුවෙන් මාරුවට පාට පාට බැටර් වලින් ටික ටික බේකින් පෑන් එකෙන් තියා ගන්න.
- ඔක්කොම බැටර් එක දාගෙන ඉවර උනාට පස්සේ කේක් එකේ උඩ ටිකක් සමතලා කර ගන්න.
- මේ කේක් එක 180° C උෂ්ණත්වයක විනාඩි 40ක් විතර බේක් කර ගන්න.
- කේක් එක අවන් එකෙන් එලියට ගත්තට පස්සේ ටිකක් වෙලා නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න.
Other kitchen articles

ගමේ රසට ඌරු මස්
Sun, 23rd Feb 2025
ගෙදර හදපු වොන්ඩර් බාර් අයිස් ක්‍රීම්
Sat, 25th Jan 2025
මේක පීසා එකක් නම් නෙමේ
Sun, 12th Jan 2025
ගෙදර හදපු නියුටෙලා
Wed, 1st Jan 2025
ස්ට්‍රෝබෙරි ජෑම්
Thu, 12th Dec 2024
ආස නැද්ද මේ විදිහට බීට් රූට් කන්න
Sat, 30th Nov 2024
වෙනස් විදිහේ බිත්තර රයිස් එකක්
Sat, 30th Nov 2024