මැන්ගෝ අප්සයිඩ් ඩවුන් කේක්
අඹ දාලා හදා ගන්න පුළුවන් තවත් රසම රස කේක් එකක් තමයි මේ මැන්ගෝ අප්සයිඩ් ඩවුන් කේක්.
අවශ්‍ය ද්‍රව්‍ය : කේක් මිශ්‍රණය සදහා
- බිත්තර - 01
- පාන් පිටි - 50g
- සීනි - 50g
- දිය කර ගත් මාගරින් - මේස හැඳි 02
- කිරි - මේස හැඳි 01
- බේකින් පවුඩර් - තේ හැඳි 1/2
- බේකින් සෝඩා - තේ හැඳි 1/4
- ඉදුණු අඹ පෙති ටිකක්
- වැනිලා - තේ හැඳි 01
අවශ්‍ය ද්‍රව්‍ය : කැරමල් එක සදහා
- සීනි - 50g
- වතුර - මේස හැඳි 02 පමණ
සාදන ක්‍රමය:
- කැරමල් එක හදාගන්න අඩිය පැතලි භාජනයකට සීනි ටික දාලා සීනි ටික වැහෙන මට්ටමට එනකන් වතුර දාන්න.
- මේ සීනි ටික වතුරත් එක්ක දිය වෙනකන් වතුරත් එක්ක මද ගින්දරේ හැඳි ගාන්න.
- සීනි ටික ඔක්කොම දිය උනාට පස්සේ හැඳි ගාන එක නතර කරන්න.
- පැණි ටික බුබුළු දාගෙන එනකොට පැණි ටික හොඳට කලවම් වෙන්න භාජනේ වටේට කරකවන්න.
- ටික වෙලාවක් භාජනේ ලිපේ තියන්න. ආයෙත් අරන් කරකවන්න. කැරමල් එක පදමට එනකන් මේ විදිහට දිගටම කරන්න.
- කැරමල් එක තද පාටට, ඇලෙන ගතියට ආවහම බේකින් ට්‍රේ එකට කැරමල් ටික දාගෙන බේකින් ට්‍රේ එකේ වටේටම කැරමල් ටික ගෑවෙන්න කරකවන්න.
- කේක් එකේ බැටර් එක හදා ගන්න, මුලින්ම පිටි ටික බේකින් පවුඩර් හා බේකින් සෝඩා ටික එක්ක කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
- බිත්තරෙයි වැනිලා ටිකයි එකට දාලා බීට් කර ගන්න.
- සීනි ටිකත් මේකටම දාලා මේක ක්‍රීම් ගතියට එනකන් බීට් කරන්න.
- දැන් දිය කර ගත්ත මාගරින් ටික දාන්න.
- කිරි ටික දාගන්න.
- අන්තිමට පිටි ටික දාලා හොඳට කලවම් කරන්න.
- කැරමල් දාගත්ත බේකින් ට්‍රේ එකේ යටට හීනියට කපා ගත්ත අඹ පෙති ටික තියා ගන්න.
- දැන් මේ අඹ ටික උඩින් කේක් බැටර් එක දාගන්න.
- මේ කේක් එක විනාඩි 30-35ක් විතර 170° C උෂ්ණත්වයක බේක් කර ගන්න.
- කැරමල් රසත් එක්ක එකතු උන මේ අඹ කේක් එකට හැමෝම කැමති වෙයි.