අඹ අච්චාරු
අඹ අච්චාරු කියන්නේ ටිකක් සැර එහෙත් ඉතාමත් රසවත් ආහාරයක්. අඹ අච්චාරු ආසියාතික රටවල් වල විශේෂයෙන්ම ඉන්දියාවේ හරිම ජනප්‍රිය කෑමක්. අච්චාරු හදන ක්‍රම කීපයක්ම තියෙනවා. එයින් එක විදිහක් තමයි මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බාගෙට ඉදුණු අඹ ගෙඩි 02
- කෑලි මිරිස් තේ හැදි 01
- මිරිස් කුඩු තේ හැඳි 01
- විනාකිරි තේ හැඳි 01
- සීනි තේ හැඳි 01
- ගම්බිරිස් කුඩු තේ හැඳි ½
- රස අනුව ලුනු කුඩු
සාදන ආකාරය:
- අඹ ගෙඩි සුද්ද කර හොඳින් සෝදා කැබලි වලට කපා ගන්න.
- ඉහත සියලුම ද්‍රව්‍ය එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.