කඩේ වගේ ගෙදර හදපු අඹ ජෑම්

මීට පස්සේ අඹ වාරෙට ජෑම් කඩෙන් ගන්න එපා. නියම අඹ රසට කඩේ වගේ ජෑම් එකක් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ඉදුණු අඹ - 450g
  • සීනි - 300g
  • දෙහි යුෂ - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • අඹ ටික සෝදලා අරගෙන ලෙලි ඇරලා අඹ ඇටෙත් අයින් කර ගන්න. මේ ජෑම් එකට අර ගන්න ඕනේ හොඳ පැණි රස අඹ. ඇඹුල් රස අඹ අර ගන්න එපා. ඒවගේම තමයි ඕනෑවට වඩා ඉදුණු අඹ අරගන්නත් එපා.
  • දැන් අඹ ටික පොඩි කෑලි වලට කපලා පල්ප් එකක් වගේ වෙන්න බ්ලෙන්ඩර් කර ගන්න. මේ ටික බ්ලෙන්ඩර් කරද්දී වතුර දාන්න එපා.
  • බ්ලෙන්ඩර් කර ගත්ත අඹ ටිකට සීනි ටික දාගන්න. ඔයාලගේ අඹ ටිකක් රසෙන් අඩු නම් මෙතන කියලා තියනවාට වඩා සීනි ටිකක් වැඩි කර ගන්න.
  • දැන් මේක ලිපේ තියලා මද ගින්දරේ දිගටම හැඳි ගාන්න.
  • විනාඩි 10කට විතර පස්සේ අඹ ටික ටිකක් ඝන වේගෙන එනකොට දෙහි යුෂ ටික දාගන්න.
  • දිගටම කලවම් කරන්න.
  • මේ අතුරතුරේදී අපි බෝතල් ටික ජීවානුහරණය කර ගම්මු.
  • ඒකට වතුර එකක් රත් කරලා මේ භාජනේ යටට රෙදි කෑල්ලක් දාන්න. දැන් මේ රෙදි කෑල්ල උඩින් බෝතල් ටික තියන්න.
  • මේ විදිහට විනාඩි 10ක් විතර බෝතල් ටික හොඳට තම්බා ගන්න.
  • බෝතල් ටික තම්බුනාට පස්සේ පරිස්සමින් එලියට අරගෙන විතුර ටික හිදෙන්න රෙදි කෑල්ලක් උඩින් තියා ගන්න.
  • බෝතල් තම්බන අතරතුරේදී ජෑම් එක දිගටම හැඳි ගාන්න අමතක කරන්න එපා.
  • ජෑම් එක ඝන වේගෙන එනකොට, ජෑම් පොඩ්ඩක් අරගෙන පීරිසියකට දාලා බලන්න. ජෑම් ටික වතුර වගේ එහෙ මෙහෙ යන්නේ නැතුව එක තැන තියනවනම් පදමට ඇවිත් තියෙන්නේ.
  • දැන් මේක ලිපෙන් අර ගෙන ජෑම් ටික බෝතල් වලට පුරවා ගන්න.
  • වටේ හොඳට පිහ දාලා බෝතල් ටික හොඳට සීල් වෙන්න තදට වහ ගන්න.
  • දැන් මේ බෝතල් ටික උඩ පැත්ත යටට හරවලා විනාඩි 05ක් තියල තියන්න.
  • විනාඩි 05ට පස්සේ බෝතල් ටික ආයෙත් හරි පැත්තට හරවලා රෙද්දකින් කවර් කරලා කබඩ් එකකට දාන්න. මේ විදිහට මේ ජෑම් ටික පැය 24ක් තියන්න ඕනේ.
  • පැය 24ක් ගියාට පස්සේ අපිට මේ රසම රස ජෑම් එක රස බලන්න පුළුවන්.
Mango Pulp
Mango Jam Bottle
Closeup view of Mango Jam
Mango Jam with Biscuits
Mango Jam
Mango Jam
Mango Jam

Contact DailyLife.lk

or drop an E-Mail to