තෙලට මිරිසට අඹ කරියක්

අඹ කියන්නෙ ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය සහ පහසුවෙන් සොයාගත හැකි පලතුරක්. පළතුරක් විතරක්ම නෙමෙයි අඹ මාලුව ටත් උයලා කනවා. අඹ මාලුව හදාගන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. ඒ අතර ඉන් එක් ක්‍රමයක් අද මම ඔයාලට කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බාගෙට ඉදුණු අඹ ගෙඩි 02 (500 g)
  • තුනපහ කුඩු තේ හැදි 02
  • බැදගත් මිරිස් කුඩු තේ හැඳි 01
  • ලුණු කුඩු මේස හැඳි 01
  • කහ කුඩු තේ හැදි ½
  • පොල්තෙල් මේස හැඳි 02
  • සීනි මේස හැඳි 02
  • විනාකිරි තේ හැදි 01
  • ලොකු ලූනු ගෙඩි 01
  • අමු මිරිස් කරල් 01
  • සේර කැබැල්ලක්
  • ඉඟුරු
  • සුදුලූනු
  • කරද මුංගු
  • කරාබු නැටි
  • රම්පෙ
  • කරපිංචා
  • කුරුඳු පොතු
  • උළුහාල් (10 - 12)

සාදන ආකාරය:

  • අඹ ඇටය සමඟ කැබලිවලට කපා ගන්න.
  • කපාගත් අඹ කෑලි සියල්ල හොඳින් සෝදන්න.
  • තුනපහ , මිරිස් කුඩු , ලුණු , කහ සමග වතුර ස්වල්පයක්ද ගෙන අඹ සමග මිශ්‍ර කරන්න .
  • කරදමුංගු සහ කරාබුනැටි තලාගන්න.
  • ඉගුරු සහ සුදු ළූණු ද තලාගන්න.
  • පිස ගැනීම සඳහා යොදා ගන්නා භාජනයට තෙල් ස්වල්පයක් දමා තෙල් රත්වන විට කරදමුංගු, කරාබුනැටි, ඉඟුරු, සුදු ලූනු එකතු කරන්න.
  • මෙයට රම්පෙ, කරපිංචා ද එකතු කරන්න.
  • කුරුඳු පොතු, උළු හාල්, මිරිස් සහ සේර එකතු කරන්න.
  • සියල්ල හොඳින් මිශ්‍ර කර ගනිමින් එයට ලුණු එකතු කරන්න.
  • මිනිත්තු 01 පමණ තබා එයට අඹ එකතු කරන්න.
  • භාජනය වසා මිනිත්තු 15 - 20 මදගින්නේ පිසගන්න. වරින් වර හැඳි ගාන්නට අමතක කරන්න එපා.
  • අඹ හොඳින් තැම්බුණු පසු සීනි එකතු කරන්න.
  • විනාකිරි එකතු කරන්න.
  • තවත් මිනිත්තු 02 - 03 පිසගන්න.
  • දැන් ඔබට රසට හදපු අඹ මාලුව පිළිගන්වන්න පුළුවන්.

Contact DailyLife.lk

or drop an E-Mail to